රජයේ ඉඩම්වල දීර්ඝකාලයක් ජිවත්වන ජනතාවට කඩිනමින් ඔප්පු | දිනමිණ

රජයේ ඉඩම්වල දීර්ඝකාලයක් ජිවත්වන ජනතාවට කඩිනමින් ඔප්පු

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ඉඩම් සහ රජයේ ඉඩම් වල දීර්ඝකාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ජිවත්වන ඉඩමට හිමිකමක් ප්‍රකාශ කිරීමට නොහැකිව සිටි ජනතාවට කඩිනමින් ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ සාර්ථක දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. .

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා කියාසිටියේ මූලික වැටුප රුපියල් විසිපන්දහසට අඩු සියලු දෙනා අඩු ආදායම්ලාභීන් ලෙස සලකා ඉඩම් තක්සේරු ගාස්තු සහනය ලබා දෙන බවයි

මේ අවස්ථාවට පාර්ලිමේන්ත්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර, පළාත්සභමන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා ඇතුළු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුබසිංහ ආරච්චි මහතා,දිවුලපිටිය ප්‍රදේශිය ලේකම්තුමිය, ඇතුළු නිළධාරින් පිරිසක් එක්වූහ..

නව අදහස දක්වන්න