බීච් බෝයිස් ඇත්ත කතාව - VIDEO | දිනමිණ

බීච් බෝයිස් ඇත්ත කතාව - VIDEO

 
ශ්‍රී ලංකා ආර්ථීකය සවිමත් වීම සඳහා විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීම වැඩි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව එදා සිට අද දක්වා සැවොම කතාබහ කරන මාතෘකාවකි.
 
නමුත් ඕනෑම ව්‍යපෘතියක් ආරම්භ කිරීමට මත්තෙන් අප විසඳාගතයුතු ප්‍රායෝගික ගැටලු කිහිපයක් ඇත. සංචාරක ක්ෂේත්‍රයට ද එය පොදු කාරණයකි.
 
විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීම සඳහා ප්‍රධාන හේතු සාධකයක් කරගන්නේ අප රටවට ඇති සුන්දර මුහුදු තීරයයි. නමුත් පසුගිය කාලය පුරාවට මුහුදු තීරය අවටින් සංචාරක ක්ෂේත්‍රයට අදාළව යම් යම් සිදුවීම සහ අක්‍රමිකතා මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය දැක ගත හැකි විය.
 
ඇතැම් සිදුවීම් විදෙස් මාධ්‍යද වාර්තා කර තිබිණි. අප මේ පිළිබඳව සොයා බැලීම සඳහා දකුණු වෙරළ තීරයේ ප්‍රධාන සංචාර කේන්ද්‍රයන් වන මිරිස්ස සහ වැලිගම මුහුදු තීරයේ සති දෙකක කාලයක් ගත කළහ.
මෙම ප්‍රදේශ දෙකෙහි ගත කළ කාලය තුළ විවිධ තරාතිරමේ විදෙස් සංචාරකයන් සහ සති අන්තයේ විවේකී සුවය අත්විඳීමට පැමිණි දේශීය සංචාරකයන්ද මුණගසීමට හැකි විය.
 
මේ දෙපිරිසටම වෙරළ තීරයේ කාලය ගතකිරීමේදී වැදගත්වන පුද්ගලයන් කණ්ඩායමක් මුහුදු තීරයේ නිරන්තරයෙන් සිටින අතර ඔවුන් බොහෝ දෙනෙකු වෙරළ තම ජීවිතය කරගත් අයවේ.
 
''බීච් බෝයි'' ලෙස විදේශිකයන් මොවුන්ව හඳුන්වා දුන්නද දේශීය සංචාරකයන් හඳුන්වනු ලබන්නේ  ''හිපියන්'' නම් කුප්‍රකට නාමයෙනි. 
 
සංචාරක් ක්ෂේත්‍රය පිළිබඳව ගවේශනය කිරීමේදී අත් නොහැරිය හැකි පුද්ගලයෙකු ලෙස මෙම බීච් බොයි හඳුන්වා දිය හැකිය. ලංකාවේ බීච් බෝයි කිව් විගසම ඕනෑම කෙනෙක්ගේ ඔලුවේ මැවෙන්නේ හොඳ චිත්‍රයක් නොවන බව ද නොරහසකි.
 
හෙරෝයින් පමණක් නොව විදේශිකයන් භාවිත කරන ඔ්නෑම වර්ගයකම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න, සුද්දෝ සුද්දියෝ එක්ක නිදාගන්න, මේ දේවලින් එදා වේල හොයාගන්න බීච් එකේ ඉන්න කොල්ලන් ''බීච් බෝයිස්ලා'' ලෙස හැදින්වීමට මෙරට පුරවැසියන් පුරුදුවී සිටිති.
 
අපගේ සංචාරය අතරතුරු ''බීච් බෝයිස්ලා'' කිහිපදෙනෙකු සමඟ කතාබහේ යෙදීමට හැකිවිය.
 
ඔවුන් අප නැගූ ප්‍රශ්න කිහිපයට පිළිතුරු දුන්නේ ඉතාමක් කුළුපග ආකාරයටය.
 
.ඇයි මේ විදියට ''බීච් බෝයිස්ලා'' කොණ්ඩ රැවුල වවාගෙන මාල වළලු දාගෙන කොට කලිසම් ඇඳගෙන ඉන්නේ..?
 
මෙහෙමයිනේ ''බීච් බෝයිස්ලා'' කියන්නේ විදේශිකයන් ආකර්ශනය කරගෙන ඔවුන්ට මඟ පෙන්වන ගමන්, ආරක්ෂාව සලසන මිනිසුසු... සුද්දෝ සුද්දියෝ ආකර්ෂනය කරගන්න බෑ ටයි කෝට් දාගෙන ගිහිල්ලා.. .
 
''බීච් බෝයිස්ලා' නැතුව සංචාරක වෙරළක් පවතින්න බැරිද..? 
 
''බීච් බෝයිස්ලා'' නැති වරළක් කියන්නේ ඔටුවෝ නැති පාලු කාන්තාරයක් වගේ තැනක්.. මම මගේ ජීවිතයේ දස දහස් වතාවක් දැකලා තියනවා විදේශීකයන්ගේ ජීවිත බේරගෙන ගොඩබිමට ආපු බීච් බෝයිස්ලා ඒක නිසා ඔවුන් නැතුව සංචාරක වෙරළක් පවතින්නේ නෑ... .
 
සඳාචාරයට මොවුන් බාදාවක්ද..?
 
මෙහෙමනේ නියිට් පාර්ටි වලට ,බීච් පාර්ටිවලට මිනිස්සු එන්නේ විනෝද වෙන්න.. බන භාවනා කරන්න මිනිස්සු මේ තැන් වලට එන්නේ නෑනේ.. හාමුදුරුවෝ එන්නේ නෑනේ පාර්ටි වලට... ඒක නිසා මේ තියන ක්‍රමය මේ විදියටම තියෙන්න ඕන.. 
 
මේ ආකාරයට අප හට වෙරළේදී සංචාරක මඟ පෙන්වන්නම් කිහිප දෙනෙකු සමඟම කතාබහ කිරීමට හැකියාව ලැබුණි.
 
සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යම් යම් වැඩපිළිවෙළ ගෙන ආවද එය ප්‍රායෝගික තලයට ගොස් බලා එයට සරිලන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතුය.
 
මෙවැනි ජීවිත දසදහස් ගණනක් මෙරට මුහුදු තීරය තම ජීවිකාව කරගෙන අැති අතර රටේ ආර්ථීකයටද මොවුන් යම් දායකත්වයක් එක් කරයි.
 
සංචාරක ක්ෂේත්‍රයේදී සිදුවන අක්‍රමිකතා විසඳා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු අතර මොවුන් අතහැර දමා මෙය සිදුකළ නොහැක.
 
අවසානයේ අප දුටු,අත්විඳි මුහුදු වෙරළේ ගෙවෙන වැල්ලේ කොල්ලන්ගේ ජීවිතය ගැන අපට පසක් වූයේ මෙවැනි කාරණයකි.
 
පෙනුමට රකුසන් අමුතු සතුන් සේ පෙනුණද බිය විය යුතු නැත. ඔවුන් ද අප සේම මනුෂ්‍ය යන් ය. කිසිවකුට හිරිහැරයක් නැත. ඒ ඔවුන්ගේ රැකියාවයි.. වෙරළට යන්න බිය නොවන්න. 
 
අවැසි මොහොතක ඔබේ ආධාර කරුවාද ඔහුම විය හැකිය.
 
විදෙස් විනිමය රටට ගෙනෙන තවත් රැකියාවකි මේ. 
 
අවශ්‍ය වන්නේ නියම සුදුස්සන් මේ සඳහා යොමුකරවන්නටත් ඔවුන් නියාමනය කරන්නටත් බලධාරීන් කටයුතු කිරිමයි.
 
(චමත්කාර ජයසූරිය / නිරෝෂන් හර්ෂන ජයසිංහ)
 
 

නව අදහස දක්වන්න