වර්ශාවෙන් තරඟයට බාදා | දිනමිණ

වර්ශාවෙන් තරඟයට බාදා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයටත් වර්ෂාවෙන් බාධා ඇතිවිය.

දෙවැනි දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 99ක් රැස්කරගෙන සිටියේය.

කොදෙව්වන් පළමු ඉනිමට ලකුණු 204ක් රැස්කළේය. නායක ජේසන් හෝල්ඩර් (74) හා ෂෙන් ඩොව්රිච් (71) අර්ධ ශතක රැස්කරමින් සිය කණ්ඩයම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 4ක් දවාගත් අතර කසුන් රාජිතද කඩුලු තුනක් දවාගත්තේය.

 

 

නව අදහස දක්වන්න