දිවියා මැරු සිද්ධියට තවත් 04 ක් අත්අඩංගුවට | දිනමිණ

දිවියා මැරු සිද්ධියට තවත් 04 ක් අත්අඩංගුවට

ජූනි මස 21 වන දින කිලිනොච්චි ‍ප්‍රදේශයේ අම්බාල්කුලම් ගම්මානයට කඩා වැඳුණු ‍දිවියෙකු එම ගම්මානයේ ජනතාව විසින් පහර දී මරා දැමීම සම්බන්ධයෙන් ඊයේ (24) රාත්‍රි ‍තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසියි පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (25) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව මේ වන විට ‍අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 06 කි.

නව අදහස දක්වන්න