කෙරවලපිටියේ පෙත්සම සලකා බැලීම කල් යයි | දිනමිණ

කෙරවලපිටියේ පෙත්සම සලකා බැලීම කල් යයි

කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය විදේශීය සමාගමකට ලබාදීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට එරෙහි පෙත්සම සලකා බැලිම ලබන 11 වන දා දක්වා කල් දැමීය.

ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද එය තීන්දු කල අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නිතිඥවරයා ඒ සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශවයෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීමට දින ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නඩුව කැදවීම ලබන 11 වනදා දක්වා කල් තැබීමටයි නියෝග කලේ.

පෞද්ගලික සමාගමක් විසින් පෙත්සම ගොනු කර තිබුණේ අදාල ටෙන්ඩරය දේශීය සමාගමකට ලබා නොදී චීන සමාගමකට පැවරීමට විදුලිබල සහ පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිය කැබිනට් පත්‍රිකාව මගින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින්.

අදහස් 1ක් ඇත

ලංකා ට්‍රආන්ස්ෆොර්මර්ස් හෙවත් එල්. ටී එල්. හෝල්ඩින් සමාගම හොර ගුහාවකි. මෙම ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය මගින් ආරම්භ කර ඇති සමාගමකි. සේවකයන් හට එහි අයිතියෙන් 10% ලබා දී ඇත. ඒ බී බී ආයතනය සතු 27% කොටස් ප්‍රමාණය සේවකයන්ගේ 10% කොටස් මතින් මිලදී ගෙන ඇති අතර වත්මන් පාලකයන් විසින් එම 37% කොටස් ප්‍රමාණය ඔවුන්ගේ පෞද්ගලික් නම් වලට හරවා ගැනීමට කටයුතු කරමින් සිටී.

නව අදහස දක්වන්න