එමිල් රංජන් - රංගජීව යළි රිමාන්ඩ් | දිනමිණ

එමිල් රංජන් - රංගජීව යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා සහ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 17වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝගයකට අනුවයි.

මෙහිදී අපරාධ ස්ථානයේ තිබී සොයා ගත්, ටී-56 ගිනිඅවි 25ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසයි අධිකරණය නියෝග කළේ.

එම සිද්ධියේ දී එස්ටීඑෆ් සහ යුද හමුදාව භාවිතා කළ එම ගිනි අවි සහ පතුරොම් ගෑස් ඉකුත් 2015.04.27 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බාර දී තිබු නඩු භාණ්ඩ වේ.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බාරව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු අසනීප වී සිටින නිසා බන්ධනාගාර රෝහල් ගත කර ඇතැයි බන්ධනාගාරය අධිකරණයට ලිපියක් මගින් දැනුම් දුන්නේය.

එසේම දෙවැනි සැකකරු වු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා අධිකරණයේ පෙනී සිටි අතර ඔහු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

නව අදහස දක්වන්න