විජයකලාට එරෙහිව පැමිණිලි විමර්ශනය ඇරඹේ | දිනමිණ

විජයකලාට එරෙහිව පැමිණිලි විමර්ශනය ඇරඹේ

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි  විමර්ශනය කිරීම සඳහා පොලිස් අපරාධ කොට්ඨාශය වෙත යොමුකර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර උපදෙස් ලබාදී  ඇත්තේ, ඒ අනුව අපරාධ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අදාළ විමර්ශන සිදුකරන ලෙසයි.

මේ අතර යාපනයේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අද දිනයේ තමා හමුවන ලෙස රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පවතින නීතිමය තත්ත්වය යටතේ ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

 

 

නව අදහස දක්වන්න