විසිවන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි | දිනමිණ

විසිවන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි

චමීර ඇල්ලදෙණිය

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පෞද්ගලික යෝජනාවක් ලෙස ගෙනා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා පනත් කෙටුම්පත පසුගිය 9 වැනිදා රජය විසින් ගැසට් කරනු ලැබීය.

මෙම විසි වැනි ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය නීතිපතිවරයාට යොමු කර නීති උපදෙස් ලබාගන්නා අතර, ඉන්පසු මාස හයක් ඇතුළත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතය.

පසුව ඒ සම්බන්ධය අධිකරණයට යාමට දින 14ක කාලයක් ලබාදෙන අතර එහිදි එම ප්‍රශ්න විසඳුමකට පැමිණි පසු පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් විවාදයකට දිනයක් නියම කෙරේ.

 

නව අදහස දක්වන්න