ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි රක්ෂිත බිමක කිඹුල් සංහාරයක් | දිනමිණ

ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි රක්ෂිත බිමක කිඹුල් සංහාරයක්

ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරාදමා තිබේ. ඔවුන් මේ අපරාධය කර ඇත්තේ රක්ෂිත භූමියට ගිය ගම්වැසියෙක් කිඹුල් ප්‍රහාරයකින් මියයාම නිසා කෝපයට පත්වීමෙන්ය.

රක්ෂිතයේ අභිජනන කළාපයේ ආහාරය සඳහා අමුද්‍රව්‍ය රැස්කරමින් සිටියදී ගැමියා කිඹුලාගේ ප්‍රහාරයට ලක්වී ඇත. ඉන් කෝපයට පත් ගැමියෝ ඔහුගේ අවසන් කටයුතුවලින් පසුව තියුණු ආයුධ ඇතිව රක්ෂිතයට ඇතුළු වී තිබේ. ඔවුන් පළමුව කිඹුල් ගොවිපොළේ කාර්යාලයට පහර දුන් බවත් පසුව රක්ෂිතයේ සිටි සියලුම කිඹුලන් (292 ක්) ඝාතනය කළ බවත් පැවසේ.

ඉන්දුනීසියාවේ ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම්කර ඇති කිඹුලා මැරීම අපරාධයක් වන අතර, එරට නීතියට අනුව එසේ කළ පුද්ගලයෙකු දඩයකට හෝ සිරගත කිරීමකට යටත් කළ හැකිය.

 

නව අදහස දක්වන්න