ආසා­ත්මි­ක­තා­ව­ලින් තොර ස්වභා­වික SUNAB හෙයාර් ඩයි | දිනමිණ

ආසා­ත්මි­ක­තා­ව­ලින් තොර ස්වභා­වික SUNAB හෙයාර් ඩයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද ඔසු අලෙවි සමාගමක් වන Swini Ayurwedic(www.swinithakotelawala.com) විසින් දැන් SUNAB Hair Dye නව මුහුණුවරකින් සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව වෙළෙඳ පොළට ඉදිරිපත් කරනු ලැබ ඇත. 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත SUNAB මගින් ආසාත්මිකතාවලින් තොරව සුදු හිස කෙස් කළු කරගත හැකිය. අහිතකර රසායනික ද්‍රව්‍යවලින් මෙන්ම ඇමෝනියාවලින් තොරව නිපදවන SUNAB Hair Dye සියලුම වයස්වල අයට කිසිදු දෙගිඩියාවකින් තොරව භාවිත කළ හැකිය. SUNAB Hair Dye භාවිතයෙන් හිස කෙස්වලට මෙන්ම හිස් කබලට කිසිදු හානියක් සිදු නොවන බව සායනික පරීක්ෂණවල දී තහවුරු වී ඇති අතර කළු වර්ණයට අමතරව ඔර්ගන්ධි, තද දුඹුරු රතු වැනි වර්ණවලින් ද SUNAB Hair Dye මිල දී ගත හැකිය. ජාත්‍යන්තර වෙළෙඳ පොළේද ඉහළ ඉල්ලුමක් පවතින SUNAB Hair Dye හිස්හොරිවලට ද ප්‍රතිකර්මයක් වන අතර, හිස කෙස් ශක්තිමත් කර හිස් කබලට පෝෂණයක් ලබා දීමටද ක්‍රියා කරයි.

SUNAB වල වෙළෙඳ පොළේ තිබෙන අනෙකුත් ඩයි වර්ගවල මෙන් කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැත. එසේම SUNAB මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කෙස් වර්ණකයකි. ඉතා පහසුවෙන් හිස කෙස් මත ආලේප කළ හැකි ලෙස නිපදවා ඇති නිසා ශරීරයේ වෙනත් ස්ථානවල තවරා නොගෙන SUNAB Hair Dye තමන්ට තනිවම අලේප කරගත හැකි වීම සුවිශේෂත්වයකි. දිවයිනේ සුපිරි වෙළෙඳ සල්, ෆාමසි සහ අනෙකුත් වෙළෙඳ සල්වලින් SUNAB Hair Dye මිල දී ගත හැකිය. SUNAB Hair Dye පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී සුවිනීතා කොතලාවල මහත්මිය ප්‍රකාශ කළේ සිටියේ හිස කෙස් කළු කිරීමට අමතරව කන්ඩිෂනර් එකක් ලෙස ද SUNAB Hair Dye ක්‍රියා කරන බවයි. තරුණ පෙනුම රැක දෙන විශ්වාසනීය කදිම ස්වභාවික ඩයි වර්ගයක් ලෙසද ඇය SUNAB Hair Dye හඳුන්වා දුන්නාය.

නව අදහස දක්වන්න