හොන්ඩා වන් මේක් යතුරුපැදි තරගාවලිය ඉරිදා මීරිගමදී | දිනමිණ

හොන්ඩා වන් මේක් යතුරුපැදි තරගාවලිය ඉරිදා මීරිගමදී

ගීෂා මුණසිංහ

‘හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියට සමගාමීව පැවැත්වෙන හොන්ඩා වන්මේක් (Honda On Make Race) යතුරුපැදි තරගාවලිය 22 වැනිදා මීරිගම කැන්වේ ධාවන පථයේදී (Kanway) පැවැත්වෙයි.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව හච් ටෙලිකොමිනිකේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇති සංවිධාන කරන ‘හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ වන් මේක් තරග කාණ්ඩය යටතේ පැවැත්වෙන ‘හොන්ඩා වන් මේක්’ තරගාවලියේ පළමු අදියර තරග ඉසව් 17කින් සමන්විතය.

එම තරග ඉසව් 17ට එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් 250-750සී.සී.(4ටී.)/125-500 සී.සී.(2ටී) තරග ඉසව් දෙකක් ඇතුළත්ව ඇති අතර එම කාණ්ඩයේම විවෘත තරග ඉසව්වද තරග ඉසව් දෙකකින් සමන්විත වන බව තරග සංවිධායකයෝ පවසති.

හොන්ඩා යතුරුපැදි ගෙන්වා බෙදාහරින ස්ටැෆඩ් මෝටර්ස් පුද්ගලික සමා‍ගමේ අනුග්‍රහය ඇතිව මීරිගම කැන්වේ ධාවන පථයේදී පසුගිය මස අවසන් වු හොන්ඩා වන් මේක් තරග ඉසව්ව සඳහා තොරාගත් ආධුනිකයන් හා නවකයන්ගේ දක්ෂතාවයන් පළමු වරට ඌරගා බලන මේ අවස්ථාව මේරට මෝටර් රථ ක්‍රීඩාවේ සුවිශේෂ මෝහොතක් වනු ඇති බවත් යතුරුපැදි ක්‍රීඩාවට ඇලුම් කරන නවක හා ආධුදුනික තරගකරුවන් 130කට අධික පිරිසකගෙන් තෝරාගත් ආධුනික තරගකරුවන් 30දෙනාද මේ තරගාවලිය නියෝජනය කිරීමට නියමිත බවත් ඔවුන් සමස්ත තරගාවලියම නියෝජනය කරන බවත් තරග සංවිධායක ප්‍රවීණ යතුරුපැදි ධාවක ෂේන් ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රිඩා සමාජය (AMRC) එක්ව හච් ටෙලිකොමිනිකේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇති සංවිධානය කරන ‘හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ සිවුවැනි අදියර කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් තරගාවලිය ලබන මස 05 වැනිදා ඌව කුඩා ඔය කමාන්ඩෝ පුහුණු පාසල් ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න