කරවලට වේළන්න ඩොල්පින්ලා මරලා | දිනමිණ

කරවලට වේළන්න ඩොල්පින්ලා මරලා

සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ 'අධිආරක්ෂිත මානව හිතවාදී' සත්ත්වයකු ලෙස නම් කර ඇති ඩොල්පින් මත්ස්‍යයන් හතර දෙනකු කරවල කිරීමට කපමින් සිටි අයකු 19 දා අලුයම මීගමුව පොලිසියේ දූෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස කරවල කරනු ලබන ඩොල්පින් මාළු අධික මිලකට විකුණන බව සැකකරු පවසා ඇත. මොහු පොලිසියට පවසා ඇත්තේ ධීවර වෘත්තිකයකු මෙම ඩොල්පින් මත්ස්‍යයන් හතරදෙනා කෑලි කපා කොටස් කිරීමට තමන්ට ගෙනැවිත් දුන් බවය.

මත්ස්‍යයන් හොර රහසේ අධික මිල ගණන්වලට අලෙවි වන බැවින් වටිනාකම සඳහන් කළ නොහැකි බව ධීවරයෝ කියති.

මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුඩ්ලර් මහතාගේ උපදෙස් මත දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මාරසිංහ පොලිස් කොස්තාපල්වරුන් වන 38339 තුෂාර, 77769 ප්‍රනාන්දු, 91674 ලක්මාල් සහ නිලධාරි කණ්ඩායම මෙහෙයුමට එක්වූහ.

රේමන් අපෝන්සු - මීගමුව

නව අදහස දක්වන්න