විලච්චියේ මේ පස් දෙනා අලුගෝසුවෝ වෙන්න කැමැත්තෙන් | දිනමිණ

විලච්චියේ මේ පස් දෙනා අලුගෝසුවෝ වෙන්න කැමැත්තෙන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන මහවිලච්චිය ගොවි ජනපදයේ දරුවන් හෙරොයින් මාරයා හා මත්පෙති මාරයාට බිලිවෙමින් පවතින නිසා රජය ක්‍රියාත්මක කරන මරණ දඩුවම සඳහා අළුගෝසූ තනතුරට එම ගම්මානයේ තරුණයන් පස් දෙනකු ස්වේච්ඡාවෙන් රාජකාරී කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. අනුරාධපුර මහ විලච්චිය යාය හය මන්නාරම් හංදිය ප්‍රදේශයේ පදිංචි රුවන් හේමන්ත හේරත් බණ්ඩා, සනී රත්න බණ්ඩාර, නිහාල් රූපසිංහ, චමින්ද පේමතිලක නමැති වයස අවුරුදු තිහත් හතළිහත් අතර වයසේ පසුව ගොවිතැනින් ජීවත් වන ගම් වැසි පස් දෙනා වැටුපක් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් අලුගෝසු තනතුරේ රාජකාරි කිරීමට කැමැත්ත ප්‍රකාශ කරති. ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය ගත්ත තීන්දුවට අපි සහාය දෙන්න සූදානම්. තනතුර බාර ගන්න කෙනෙක් නැත්නම් අපි එන්නම්. අපි ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි මේ දේවල් කියන්නේ. අපි බොහොම දුක් විඳලා ගොවිතැන් බතක් කරලා ජීවත් වෙන්නේ. නමුත් ජාවාරම් කාරයෝ වැරදි වැඩ කරලා මුදල් හරි හම්බ කරගන්නවා. පුහුණුවක් ලබලා අළුගෝසූ තනතුරේ රාජකාරී සිදුකරන්න අපි ලෑස්තියි යනුවෙන් ඔවුහූ පැවසූහ.

අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න