‘හොඳම පෙර­ළි­කා­රයා’ සම්මා­නය පික් මී මෘදු­කාං­ග­යට හිමි වෙයි | දිනමිණ

‘හොඳම පෙර­ළි­කා­රයා’ සම්මා­නය පික් මී මෘදු­කාං­ග­යට හිමි වෙයි

කුලී රථ සේවයේ විශාල පෙරළියක් කළ පික් මී 2018 නව්‍යතා සමුළුවේ සම්මාන උළෙලේදී වසරේ වෙළෙඳපොළ පෙරළිකාරයාට හිමි සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංවිධානයේ (SLASSCOM) මූලිකත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පික් මී වෙත මේ සම්මානය පිරිනැමුණේ කුලී රථ රියැදුරන්ට සහ පාරිභෝගිකයන්ට ඉතා පහසු මෘදුකාංග හඳුන්වා දීම නිසාය. පික් මී කුලී රථ සේවය ආරඹා තෙවසරක් ඇතුළත මෙවැනි සම්මානයක් ලැබීම සුවිශේෂත්වයකි.

‘දේශීය වෙළෙඳපොළේ අභියෝග ජය ගැනීමට නව තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රයත්නයට ලැබුණු උපහාරයක් ලෙස මේ සම්මානය හැඳින්විය හැකියි. කුලී රථ ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් විශාල පෙරළියක් කරන්නට හැකි වීම අපට සතුටක්.‘ පික් මී ප්‍රධාන විධායක නිලධාරී සුල්ෆර් ජිෆ්රි සඳහන් කළේය. ආරම්භයේදී කුලී රථ රියැදුරන්ගේ කාර්යය පහසු කරන මෘදුකාංගයක් හඳුන්වා දුන් පික් මී ඉන්පසු පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් නව පරිවර්තනයක් ඇති කළේය. පික් මී මෘදුකාංගයෙන් කුලී රථ රියැදුරාත් මගියාත් සජීවීව සම්බන්ධ කර රියැදුරාටත් මගියාටත් එක සේ සාධාරණයක් ඉටු කිරීම සුවිශේෂත්වයකි. පික් මී පැමිණීමට පෙර පැවැති ටැක්සි මීටර් විශ්වසනීයත්වයෙන් තොර වෙළෙඳපොළ අණසක පැතිරූ අයගේ අවශ්‍යතාවට ක්‍රියාත්මක විය. ඊට විශ්වසනීය මුහුණුවරක් දුන්නේ පික් මී මෘදුකාංගයයි. සාමාන්‍ය කුලී රථ සේවා සැපැයීමෙන් ඔබ්බට ගිය පික් මී ආයතනය සමාගම් සඳහා ව්‍යාපාරික ප්‍රවාහන විසඳුම් ඉදිරිපත් කළේය. එමගින් ඇතැම් සමාගම්වල ප්‍රවාහන වියදම් 40%කින් පමණ අඩු වූ අතර මේ වන විට සමාගම් 150ක් පමණ පික් මී සේවාව ලබා ගනී. තෙවැනි වසර සපුරන පික් මී දැන් ත්‍රිරෝද රථයේ සිට ප්‍රභූ රථ දක්වා පුළුල් පරාසයක කාර්, කුඩා වෑන් සපයන රියැදුරන් 1500ක් සිටින ජාලයකි.

නව අදහස දක්වන්න