කලාවැව ජාතික උද්‍යානයේ විනාශ වූ මළසිරුරක් | දිනමිණ

කලාවැව ජාතික උද්‍යානයේ විනාශ වූ මළසිරුරක්

කලාවැව ජාතික උද්‍යානයට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් දින 02ක් ගතව තිබියදී කලාවැව ඉස්මත්තේ තිබී සොයාගත් බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසයි.

මිය ගොස් ඇත්තේ කවුරුන්ද යන්න හඳුනාගැනීමට නොහැකි තත්ත්වයට සිරුර විනාශ වී ඇති බව ගල්කිරියාගම වනජීවි අඩවි සහකාර ඩී. රාමසිංහ සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා තනියම මෙම වනජීවී කලාපයට ඇතුල් වුණේ ද එසේත් නොමැති නම් තවත් පිරිසක් සමග ඇතුළු වී වන අලි පහරදීමත් සමග ඔවුන් පළා ගියේ ද යන්න පරීක්ෂණ පවත්වන බව ගල්කිරියාගම පොලිසිය සඳහන් කරයි.

 

නව අදහස දක්වන්න