ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තා අප‍්‍රසාදය | දිනමිණ

ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තා අප‍්‍රසාදය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තාවන් බහුතරයක් අප‍්‍රසාදය පළකර ඇති බව අධ්‍යනයකින් හෙළිව තිබේ.
 
වයස අවුරුදු 18ත් 35ත් අතර අමෙරිකා කාන්තාවන්ගෙන් මේ සදහා තොරතුරු විමසා ඇත.
 
කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති බව සදහන් ය. ඒ අනුව කාන්තාවන් දහ දෙනෙකුගෙන් හත් දෙනෙක්ම ට‍්‍රම්ප් පරිපාලනයට අප‍්‍රසාදය පළ කර ඇති බවට තොරතුරු හෙළිව ඇත.
 
එසේම සියයට 09ක පමණ ප්‍රතිශතයක් පමණක් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අනුමත කර තිබේ. 
 
වොෂින්ටනයේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් කාන්තා ආරක්‍ෂාවට මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් හා ස්වාධීනත්වයට තර්ජනයක් වන බව සදහන් කර ඇත. 
 

නව අදහස දක්වන්න