LocoMole Sri Lanka හඳුන්වා දීමට Mobitel LDR Technologies සමඟ හවුල් වෙයි | දිනමිණ

LocoMole Sri Lanka හඳුන්වා දීමට Mobitel LDR Technologies සමඟ හවුල් වෙයි

ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන Mobitel සමාගම පෙර නොවූ විරූ ඩිජිටල් තාක්ෂණිකෙ පදනමක් ඇති LocoMole Sri Lanka හඳූන්වා දීම සඳහා මෑතක දී LDR Technologies සමඟ ඵක් විය.

Mobitel Xstation Hub හි දී දියත් කරන ලද සංචාරක ව්‍යාපාරය හා ස්ථානය පදනම් කර ගත් සේවාවන් සඳහා වෙන් කෙරුණු මේ LocoMole Sri Lanka app ඵක ආරම්භයේ දී සේවාවන් සම්පාදනය කරන්නේ අනුරාධපුරය, සීගිරිය, කොළඹ, පොළොන්නරුව හා දඹුල්ල යන ප්‍රදේශවලට ආශ්‍රීතවයි. LocoMole Sri Lanka app ඵක තමන්ගේ සංචාර අත්දැකීම වැඩි දියුණු කරන ස්ථානය පදනම් කර ගත් ජංගම තාක්ෂණික සේවාවන් ලබා ගත හැකි ය. පරිශීලකයන්ගේ අන්තර්ජාලීය සෙවුම් අවශ්‍යතා කලට වේලාවටත් අදාළ වන පරිදිත් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අනුවත් සපුරා ගැනීම සඳහා උදවු කිරීමට LocoMole Sri Lanka app ඵකට හැකියාව ඇත. විශිෂ්ට සෙවුම් මෘදුකාංග යෙදුමක් (app) වන එය අමුත්තන්ගේ සංචාර අත්දැකීම පුළුල් කරන අතර ඒ ඒ පරිශීලකයාට තමන් කැමති ආකාරයකට පරිගණක ක්‍රීඩාවක ස්වරූපයෙන් තොරතුරු ලබා ගැනීමට ඉඩ සලසා දෙමින් සහ ත්‍යාග හා ජයග්‍රහණයන් ලබා දෙමින් සන්නාමය පිළිබඳ ඔවුන් තුළ ළැදිකමක් ඇති කිරීමට උදවු කරයි.

නව අදහස දක්වන්න