බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂක බාධකවලට මෝටර් රථයක් කඩා වැදිලා | දිනමිණ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂක බාධකවලට මෝටර් රථයක් කඩා වැදිලා

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිටතින් පිහිටි ආරක්ෂක බාධක වෙත මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය පවසයි.

බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 07.30 පසු වී සුළු වෙලාවකින් හටගත් මේ සිදුවීමට සන්නද්ධ පොලිස් නිලධාරීහු, ගිලන් රථ සහ ගිනි නිවන හමුදා භටයෝ ප්‍රතිචාර දක්වමින් සිටිති.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පෙර ආරක්ෂක නිලධාරීන් මෝටර් රථය වටකර ගෙන සිටින ආකාරය දැකගත හැකි විය.

පාපැදිකරුවන් රථයේ ගැටී ඇති බවට වාර්තා පළ වන නමුත් කිසිවකුත් ජීවිත අවදානමක සිටින බව පොලිසිය විශ්වාස නොකරයි.

සිදුවීම ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාවක් දැයි ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට මේ මොහොතේදී කිව නොහැකි නමුත් ඇසින් දුටුවන් ගණනාවක් පවසා ඇත්තේ මෝටර් රථය සිතාමතාම මහජනයා සමඟ ගැටුණු බවක් පෙනෙන්නට තිබු බවය.

නව අදහස දක්වන්න