කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරයකින් 48ක් ජීවිතක්ෂයට | දිනමිණ

කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරයකින් 48ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන ආයතනයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

ප්‍රහාරයෙන් 67 දෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

පොලීසිය පවසන්නේ මරාගෙන මැරෙන බෝම්බකරු අධ්‍යාපන ආයතනයේ ඉගැන්වීම් අතරතුර එම ස්ථානයට පැමිණ බෝම්බය පුපුරා ඇති බවයි.

ප්‍රහාරයෙන් මිය ගිය වැඩිම පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශ සදහා අමතර පන්ති වලට සහභාගී වූවන් බව සදහන් ය. මෙම ප්‍රහාරයෙන් පසු බග්ලාන් පළාතේ ද බෝම්බ ප්‍රහාරයක් සිදුවිය. ඉන් පොලිස් නිළධාරීන් 09 දෙනෙකු සහ හමුදා නිලධාරීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත.

නව අදහස දක්වන්න