කේරළයේ ගංවතුරෙන් මිය ගිය ගණන 100 ඉක්මවයි | දිනමිණ

කේරළයේ ගංවතුරෙන් මිය ගිය ගණන 100 ඉක්මවයි

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවන බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ප්‍රාන්ත රජය පවසා ඇත.

සංචාරක ප්‍රාන්තයක් වන කේරළයට වසර සියයකට පසුව බලපෑ දරුණුතම මෝසම් කාලගුණය මෙය බව කාලගුණ අංශ සදහන් කරනු ලැබේ.

ගංවතුර , නායයෑම් , ගොඩනැගිලි සහ පාලම් කඩා වැටීම් හේතුවෙන් ජීවිත හානි රැසක් වාර්තා විය. ප්‍රාන්තයේ දිස්ත්‍රික් 14 කට ගංවතුර හේතුවෙන් රතු නිවේදන නිකුත් කෙරුණි.

කෝචි ගුවන්තොටුපලේ ගුවන් ගමන් ද ලබන 26 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙන බව සදහන් ය. දුම්රිය ගමන්ද ඇන හිට තිබේ.

ඉදිරි දින දෙක තුළද වැසි අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ අංශ සදහන් කරනු ලැබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දින එහි නිරීක්ෂණ සංචාරයක නිරත වීමට ද නියමිතය.

නව අදහස දක්වන්න