ජෝන් කීල්ස් සම්මාන ලබයි | දිනමිණ

ජෝන් කීල්ස් සම්මාන ලබයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) ස්වකීය ප්‍රජා සත්කාරක ව්‍යාපෘති වෙනුවෙන් 2018 වසරේ දී, ශ්‍රී ලංකා ආයතනික සමාජ වගකීම් නායකත්ව සම්මානයෙන් පිදුම් ලැබීය. පසුගිය දා කොළඹ ටාජ් සමුද්‍රාහි දී මේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.

ප්‍රජාවන්ට, පරිසරයට හා මිනිසුන්ට ගරු කරන, ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සමඟින් සම්බන්ධවීම හරහා තමා අවට ජීවත්වන පුද්ගලයන්ගේ ජීවිත කෙරෙහි සැලකිය යුතු මෙන්ම ධනාත්මක බලපෑමක් ඇති කරන ලද ව්‍යාපාර ආයතන සහ පුද්ගලයන් ආයතනික සමාජ වගකීම් නායකත්ව සම්මාන ප්‍රදානය විසින් හඳුනා ගැනේ.

සම්මාන ප්‍රදානෝත්සවයේ දී උප සභාපතිනී සහ මෙහෙයුම් ප්‍රධානී කාමලින් ජයසූරිය මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය, ‘අධ්‍යාපන, සෞඛ්‍ය, ජීවනෝපාය සංවර්ධන, පාරිසරික, කලා සහ සංස්කෘතික මෙන්ම ආපදා සහන යන ක්ෂේත්‍ර හයක රාමුවක් ඇතුළත සිට කරන ලද බහුවිධ සහ දිගුකාලීන සංවර්ධන වැඩසටහන් සඳහා පිළිගැනීමට ලක්වීම ජෝන් කීල්ස් අපට සතුටක් මෙන්ම ගෞරවයක්. ‘බල ගන්වමු දේශය හෙට දිනට’ නම් වූ ජෝන් කීල්ස් සමූහයෙහි ආයතනික සමාජ වගකීම් දැක්ම සමඟ යමින් සවිබල ගැන්වීමේ සංස්කෘතියක් මඟින් අපගේ සියලුම ප්‍රජා ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබේ. අපගේ ජනතාව සහ ප්‍රජාවන් වඩාත් හොඳ අනාගතයක් කරා මෙහෙයවමින් නිවැරැදි මානසිකත්වයන්, කුසලතාවන්, හැකියාවන් සහ අවස්ථාවන් සමඟින් සවිබල ගැන්වීම සඳහා අපි අඛණ්ඩව දැඩි සේ කැප වී සිටින්නෙමු. ප්‍රමාණය කුඩා වුව ද ඉතා කැපවීමක් සහිත ජෝන් කීල්ස් පදනමේ කණ්ඩායම මෙන්ම උද්යෝගිමත් ස්වේච්ඡා සේවකයන්ගේ බළකායේ උත්සාහයට ද මගේ කෘතඥතාව පළ කරනු කැමැත්තෙමි.’

නව අදහස දක්වන්න