හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට | දිනමිණ

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට බස් ගාස්තුව 4% කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

බස් සංගම් නියෝජිතයින් සමඟ අද(19) පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කළාහ.

නව අදහස දක්වන්න