දඹුල්ලේ එළවළු නාස්තිය වැළකීමට යෝධ ශීතාගාරයක් | දිනමිණ

දඹුල්ලේ එළවළු නාස්තිය වැළකීමට යෝධ ශීතාගාරයක්

මාතලේ දිස්ත්‍රික් සමුහ - ඒ.ඒ.එල්.ඩයස්

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන එළවළු තොග විනාශ වී යා නොදි රැකගැනීම සඳහා කිලෝග්‍රෑම් පනස්ලක්ෂයක ප්‍රමාණයක් තැන්පත් කිරීමට හැකි දාරිතාවකින්යුත් ශීතාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර අැත.

මෙය රුපියල් මිලියන නවසීයක වියදමින් මෙම මධ්‍යස්ථානයට යාබදව ඉදිකිරීමට රජය මේ වනවිට මූලික පියවරගෙන තිබේ.

මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම සමිතියේ යෝජනාවක් මත ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයේ මෙහයවීමෙන් ක්‍රියාත්මක මෙම ශීතාගාරයේ ඉදිකිරීම් කටයුතු ඉන්දියානු සමාගමක දායකත්වය මත සිදුකිරීමට නියමිතය.

මේ සදහා ඉංදීය රජයෙන් රුපියල් සිලියන 300ක් ද ශ්‍රීලංකා ආහාර දෙපාර්තමේන්තුවෙන් සහ නගර සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 600ක මුදලක්ද වෙන්කර ඇත.

ලබන වසරේ මාර්තු මස ආරම්භකිරීමට අපේක්ෂිත යෝජිත ශීතාගාරයෙහි ඉදිකිරීම් ඉතා කඩිනමින් අවසන් කිරීමට ද පියවර ගනී.

මේවනවිට මෙම ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන එළවළු තොග වලින් සියයට දහයත්- විස්සත් අතර ප්‍රමාණයක් වීනාශ වී යාම නිසා නිරන්තරයෙන් ගොවීන්ට සිදුවනුයේ විශාල පාඩුවකට මුහුණපෑමටය.

තත්ත්වය මෙසේ බැවින් මෙම විනාශය වළකාලීම සඳහා මෙම යෝජිත ශීතාගාරය ඉදිකිරීම කාලෝචිත පියවරක් බව ගොවීන් පවසයි.

නව අදහස දක්වන්න