යේමනයේ, හුඩයිඩා ප්‍රදේශයට සටන් විරාමයක් | දිනමිණ

යේමනයේ, හුඩයිඩා ප්‍රදේශයට සටන් විරාමයක්

යේමනයේ හුඩයිඩා වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරේ.
 
ඉන් යේමන අර්බුදයට, විසඳුමක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි, විදෙස් මාධ්‍ය විශ්වාස පළ කරයි.  ස්වීඩනයේ ඊයේ පැවති සාකච්ජාවල දී සටන් විරාමයක් සඳහා එකඟතාවයට පැමිණ තිබේ.  
 
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්ට්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ජා පැවැත්විණ.  එහි දී හවුති කැරළිකරුවෝ, මූලෝපායික වශයෙන් වැදගත් බටහිර නගරයෙන් ද ඉවත් වීමට කැමැත්ත පළකළහ.  
 
එසේම, යේමනයේ ප්‍රධාන වරායන් තුනක් ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත්වීමට ද හවුති කැරලිකරුවෝ එකඟ වූහ.  යේමනයට ආහාර ඇතුළු සියලුම දෑ සැපයෙන්නේ, මෙම වරායන් තුන මගිනි.   
 
හවුති කැරලිකරුවෝ මෙම වරාය ආශ්‍රිත ප්‍රදේශ අත්පත් කරගෙන සිටීම හේතුවෙන්, සැපයුම් නොලැබීම නිසා, යේමනයට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවිය.  ඒ නිසා යේමනයේ මිලියන 18කට වැඩි පිරිසකට දැඩි ආහාර අර්බුදයක් පැවතිණ.  එය වර්තමානයේ ලොව දරුණුතම මානම බේදවාචකය ලෙස සැලකේ.
 

නව අදහස දක්වන්න