යුරෝපා සංගමයේ ප්‍රසාදයත් ශ්‍රී ලංකාවට | දිනමිණ

යුරෝපා සංගමයේ ප්‍රසාදයත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ උද්ගත වූ දේශපාලන අර්බුදය, සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදීව විසදීම පිළිබඳව යුරෝපා සංගමය සිය ප්‍රසාදය පළ කර තිබේ. 
 
යුරෝපා සංගමය නිකුත් කළ ඒකබද්ධ නිවේදනයක මේ බව දැක්වේ. 
 
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නේවාසික තානාපතිවරුන් හා නෝර්වේ තානාපතිවරුන්ගේ එකඟතාවයෙන් අදාළ නිවේදනය නිකුත් කර ඇත.
 
දේශපාලන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ ස්ථීර මිත්‍රත්වය තහවුරු කිරීමට හේතු වන බව, යුරෝපා සංගමය පෙන්වා දෙයි.
 
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රික ආයතනයන්හි ස්වාධීනත්වය පිළිබඳ ගරු කරන බව ද, නිවේදනයේ දැක්වේ. ජාතික සංහිඳියාව සහ සමෘද්ධිය සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා උත්සහයන්ට අඛණ්ඩව සහය ලබා දෙන බව ද එම සංගමය, අවධාරණය කර තිබේ.

නව අදහස දක්වන්න