විදේශ ආයෝජන පැනයෑම වැළැක්විය හැකිද? | දිනමිණ

විදේශ ආයෝජන පැනයෑම වැළැක්විය හැකිද?

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කළ විදේශ ආයතන හා පුද්ගලයන් පසුගිය වකවානුවේ රටේ පැවැති අස්ථාවර ආර්ථික පසුබිම නිසා පිටවීයෑම තවමත් නතර වී නැත. අමෙරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජන 2018 දී ඉවත් වීමෙන් පසු 2019 වන විට රුපියල් බිලියන 11ක් දක්වා ගිලිහෙමින් පවතී. රටෙහි ඇති වූ පාලන වියවුල් හේතුවෙන් උද්ගත වූ මේ තත්ත්වය වහා පාලනය කිරීමට දැන් හැකිවී ඇති බවත් ජනාධිපතිවරණය පැවැත්වීම තුළින් අස්ථාවර බව තීව්‍ර විය හැකි බව ද ව්‍යාපාරික විද්වතුන් අනතුරු අඟවයි. මේ ආර්ථික අහේනිය පිළිබඳ ආර්ථික දත්ත සඳහන් කරමින් මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ රුපියල පහත වැටීමට 2018 දී මුල් වූයේ මේ පාලන අර්බුදය බව දක්වයි. මේ සඳහා පාලන තන්ත්‍රයේ ස්ථාවර පැවැත්ම මත රුපියලේ වටිනාකම දෝලනය වන නිසා රටේ පාලනය වඩාත් ස්ථාවර කරලීම රටේ ආර්ථිකයට හා මේ දවස්වල ‘බිස්නස්’ කෙරෙහි සෘජුවම බලපාන බව ආර්ථික විද්වත්හු පෙන්වා දෙති.

ශාමේන් ප්‍රනාන්දු

නව අදහස දක්වන්න