ජනපති පිලිපීන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක | දිනමිණ

ජනපති පිලිපීන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක

පිලිපීනයේ සිවු දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (19) පෙරවරුවේ පිලිපීන පොලිස් මූලස්ථානය වෙත ගොස් එහි මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පිලිපීන රජය විසින් ගෙන යනු ලබන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරැඹීමට ද ජනාධිපතිවරයා මෙහි දී එක්විය.

අනතුරුව පොලිස් ප්‍රධානී ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට එක් විය. ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ඡායාරූප - සුදත් සිල්වා 

නව අදහස දක්වන්න