ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන් අද සහ හෙට | දිනමිණ

ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන් අද සහ හෙට

ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් දිස්ත්‍රික් කිහිපයක අද(14) සහ හෙට(15) ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
 
දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්වයත් සමග ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැකි බව අමාත්‍යංශය පෙන්වා දෙයි. තවද පරිසරය තුල මදුරුවන් බෝවියහැකි ජලය රැදුනු ස්ථාන සුලබව ඇතිවිය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ විමේ අවධානම ඉහල යා හැකිය. 
 
මෙම තත්වය අවම කර ඩෙංගු වසංගත තත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්‍ෂෙස්ත්‍ර වැඩසටහනක් අද(14) හා හෙට(15) දිනයන් හිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත. 
 
මෙය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය යන දිස්ත්‍රික්කවල හදුනාගත් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශවල ජනාධිපති කාර්යසාධක බලකාය හා ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. මෙහිදී නිවාස, පාසල්, වැඩිබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර නිරීක්‍ෂණයට ලක් කරන අතර මදුරැවන් බෝවන හෝ බෝ විය හැකි ස්ථාන හදුනාගත්විට ප්‍රජාව සමග ඒකාබද්ධව ඔවුන්ගේ සහභාගිත්වයෙන් එම ස්ථාන ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරයි. 
 
මෙම විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 650 ක් පමණ එක්දිනකට සිය දායකත්වය ලබා දෙයි. 
 

නව අදහස දක්වන්න