බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම කල් යයි | දිනමිණ

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම කල් යයි

බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් වන කාලය දීර්ග කිරීමට යුරෝපා සංගමය එකගත්වය පළ කර ඇත. 
 
බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, ලබන සතියේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ගෙන ඒමට නියමිතය. එය සම්මත කිරීමට මන්තී‍්‍රවරුන් සමත් වුවහොත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීම සඳහා ලබන මැයි 22වනදා තෙක් කල් ලබා දීමට එම සංගමය තීරණය කර ඇත. එසේ නොවුනහොත් එම දිනය අපේ‍්‍රල් මස 12වනදා දක්වා සීමා කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් තීරණය කර තිබේ. 
 
මීට පෙර සැලසුම් කළ පරිදි මාර්තු මස 29වනදා රාතී‍්‍ර 11ට බි‍්‍රතාන්‍ය, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කර යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතව තිබුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, ගෙන ආ යෝජනාව එරට පාර්ලිමේන්තුව විසින් තුන්වරක් පරාජය කිරීම හමුවේ නියමිත දිනට බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට ඔවුන් අපොහොසත් විය. ඒ අනුව බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය දීර්ග කරන ලෙස බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබුණි. 
 

නව අදහස දක්වන්න