සෙනෙ­හසේ සොඳුරු සිත්තම කලන්ක් | දිනමිණ

සෙනෙ­හසේ සොඳුරු සිත්තම කලන්ක්

චම්පිකා දීපානි රණ­සිංහ

කලන්ක් යනු කැළලයි. එහෙත් මේ කැළල අභිෂේක් වර්මන්ගේ අධ්‍යක්ෂණයෙන් සෙලියුලොයිඩ් පටයේ සිත්තම් කර ඇත්තේ ඉතා සොඳුරු ලෙසිනි. සෝනක්ෂි සිංහ, ආලියා බාත්, වරූන් ධවාන්, ආදිත්‍ය රෝයි කපූර් යන යොවුන් පරපුරේ තරු සමඟ මධුරි ඩික්සිත්, සංජේ දත් යන ජ්‍යෙෂ්ඨ රංගවේදීන් ද මේ සිනමා පුරාවෘතයට ජීවය දී ඇත. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ 1945 තරම් ඈත අතීතයකදී ඇති වුණු සදාතනික ආදර කතාවක් ලෙස ‘කලන්ක්‘’ අර්ථ දක්වා තිබේ.

ප්‍රභූ පවුලක සාමාජිකයන්ගේ ජීවිතවල සැඟවුණු රහස් හෙළි වන්නට ගනී. එක්ව සිටි පවුලක් බෙදී වෙන් වන්නට පටන් ගනී. ‘දේවි, සත්‍යා, රූප්, සෆර් එකිනෙකා කවුරුන්ද යන වග හඳුනා ගන්නේ සෙනෙහසේ සංග්‍රාම භූමියේදීය. මුළුනගරයම රත් පැහැ සළු පටකින් වැසී ගියාක් බඳුය. එසේ නගරය රත් පැහැ ගැන්වී ඇත්තේ දේවි, සත්‍යා, රූප්, සෆර් සෙනෙහස විඳින නිසාද? නැතිනම් එය ප්‍රචණ්ඩත්වයේ සංකේතයක් ද? පිළිතුර දැන ගැනීමට ප්‍රේක්ෂකයන්ට අප්‍රේල් 17 වැනි දින වන තුරු ඉවසීමට සිදු වෙයි. කලන්ක් තිරගත වන්නේ එදිනටයි. කලන්ක් සිනමා පටය ප්‍රවර්ධනය කරනු වස් නිකුත් කරන ලද සියලුම පෝස්ටරයන්ගේ ඇත්තේ අතිසුන්දර දසුන් සමඟ රත් පැහැ පසුබිමකි. එනිසා සිනමා පටයේ රත් පැහැය ගැන කාගේ කාගේත් ඇත්තේ කුකුසකි.

කලන්ක් තිරගත කරන තුරුම කතාව සහ ඇතැම් චරිත රහසිගතව තබා ගැනීමට නිෂ්පාදක කරන් ජොහාර්, සජීඩ් නදියද්වාලා උත්සාහ කළ ද මේ වනවිට බොහෝ රහස් නිරාවරණය වී අවසන්ය. කරන් ජොහාර් කළේ සිනමා පටය ගැන ඉඟි කිරීම පමණි. මෙහි ප්‍රධාන කාන්තා චරිත තුන වන සත්‍යා, රූප් සහ බහාර් බෙගම් සිනමා පටයේ හදවත, ආත්මය සහ කොඳු නාරටිය බව කරන් ජොහාර් පැවසුවේය. ඒ කාන්තා චරිත කවරාකාරයකින්වත් පිරිමි චරිත සමඟ සැසඳීමට නොහැකි තරම් ශක්තිවන්ත, සොඳුරු, තීක්ෂණ බුද්ධියකින් යුතු චරිත බවද කරන් හෙළිකර තිබේ.

මේ සිනමා පටය කිරීමට මුලින්ම සිත් පහළ වූයේ ධර්ම නිෂ්පාදන සමාගමේ ආරම්භකයා වූ යාෂ් ජොහාර් නම් ප්‍රවිණ නිෂ්පාදකවරයාටයි. මින් දශක එකහමාරකට පෙර ඔහු පාකිස්ථානයට ගියේ රූගත කිරීමට සුදුසු තැන් සෙවීමටය. ඔහු සිනමා පටයේ කතාවට අදාළ කරගත හැකි ඓතිහාසික සාක්කි සොයා දේශ සීමා තරණය කළේය. පියා යාෂ් ජොහිර්ට සැබෑ කරගත නොහැකි වූ සිහිනය පුතු කරන් ජොහාර් සැබෑ කළේය.

කලන්ක් හි මධුරි ඩික්සිත් රඟන්නේ බහාර් බෙගම්ගේ චරිතයයි. ඒ චරිතයට මුලින් ම කරන් තෝරා ගෙන සිටියේ ශ්‍රී දේවියයි. ඇයගේ අකල් වියෝවෙන් මධුරි ඩික්සිත් චරිතය සඳහා තෝරා ගන්නා ලදී. ආරංචි මාර්ගවලට අනුව මධුරි රඟන්නේ වරුන් ධවාන්ගේ මවගේ චරිතයයි. සංජේ දත් මධුරිගේ සැමියා සහ වරුන්ගේ පියාවන බාල්රාජ් චෞද්රිගේ චරිතය රඟයි. ආදිත්‍ය රෝයි කපූර් වරුන්ගේ සොහොයුරා ලෙස චරිත නිරූපණයේ යෙදෙයි. ආදර සංග්‍රාමයේ සටන් කරුවන් වන්නේ සෆර් ලෙස රඟන ආදිත්‍ය රෝයි කපූර්, සත්‍යා ලෙස රඟන සොනක්‍ෂි සිංහ සහ රූප් සේ චරිත නිරූපණයෙහි යෙදෙන ආලියා බාත්ය.

මෙහි මෙතෙක් තිරයේ කඩවසම් ආදරවන්තයෙක් ලෙස පමණක් දුටු වරුන් කාය වර්ධන සිරුරක් හිමි හැඩි දැඩි පිරිමියකු ලෙස වෘෂභ රාජයකු සමඟ පොර බඳිනු දැකිය හැකියි.

රංගනයේදී කිසි විටකත් ආතතියට පත් නොවන තාරකාවක වන ආලියා කලන්ක් හි ගර් මෝ පර්දේසියා ගීය නිසා ආතතියට පත් වී තිබේ. ඇය වැඩිපුරම ආතතියට පත් වී තිබෙන්නේ සුපිරි නර්තන තාරකාවක් වන මධුරි ඩික්සිත් ඉදිරියේ කතක් නර්නයක් ඉදිරිපත් කිරීමට සිදුවීම නිසායි. බර ලෙහෙන්ගා ඇඳුමකින් සැරසී කැරෙකෙන නර්තනයක් ඉදිරිපත් කිරීම ද දුෂ්කර වී තිබේ. එහෙත් ඇයගේ නර්තනය මධුරිගේත් නර්තන අධ්‍යක්ෂවරයා ඇතුලු සෙස්සන්ගේත් පැසසුමට ලක්විණි. මධුරි රූ ගත කරන කාලය පුරාම ආලියා තමන්ගේ යොවුන් විය සිහිපත් කරන බව නිතර පැවසුවාය. ආලියා ඉන්දියානු ශාස්ත්‍රීය නර්තනය හදාරා ඇති තාරකාවක වුව ද දෙමාසයක්ම ගීතමය නර්තනය පුහුණු වී ඇත.

වරූන් ධවාන්, ආලියා බාත්, කයිරා අද්වානි, පසුබිම් නර්තන ශිල්පීන් පන්සියයක් සමඟ, නර්තනයේ යෙදෙන ‘ෆස්ට් ක්ලාස්’ ගීතය ද සිනමා පටයට ඇතුළත්ය. සිනමා පටයේ සංගීතය ප්‍රීතම් චක්‍රබෝර්තිගෙනි. ‘කලන්ක්’ සිනමා චරිතවල සොඳුරු බවට ඔවුන්ගේ ඇඳුම් පැලදුම් ද හේතු වී තිබේ. සිනමා පටයේ පිරිවැය ඉන්දියානු රුපියල් කෝටි 80කි.

අදහස් 1ක් ඇත

koti 80,, kajjakda, ranganaya silpinge watina, daksathawaya , , satthya ranganayaknam,,, preksakayo th,, salli wisi karayi!!

නව අදහස දක්වන්න