හිටපු DIG නාලක සිල්වාට ඇප | දිනමිණ

හිටපු DIG නාලක සිල්වාට ඇප

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.
 
නාලක සිල්වා මහතාට ඇප නියම කරමින් මහේස්ත්‍රාත්වරයා, ඔහුට රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් නියම කරනු ලැබීය. එමෙන්ම ඔහුට විදේශ ගතවිමද මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් කර තිබේ.

නව අදහස දක්වන්න