මින් පසු කිසිවකුටත් මෙය හැසිරවීමට ඉඩ දෙන්නේ නෑ | දිනමිණ

මින් පසු කිසිවකුටත් මෙය හැසිරවීමට ඉඩ දෙන්නේ නෑ

රතන හිමි ප්‍රශ්නය සංකීර්ණ කළ බවත් මින් පසු කිසිවකුට ප්‍රශ්නය හසුරුවන්න ඉඩ නොතබන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවූයේ මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමුවීමේ අවදානමක් මතුවීම බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.

කොළඹ පෙරේදා (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

සහරාන්ගේ අන්තවාදය පරාජය කරන්න සිංහල මිනිසුන්ට වඩා උදවු කළේ මුස්ලිම් මිනිසුන් බව ද පැවසූ උන්වහන්සේ, අද වන විට මේ වන වැඩවලින් එවැනි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු විය හැකි බව ද පැවැසූහ.

අතුරලියේ රතන හිමියන් ද කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹූ බව ද පැවැසු උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදු කරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවැසුවේ නම් එය සාධාරණ බව ද පැවැසූහ.

මුස්ලිම් සමාජයම ඔවුන් අතට ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබූ බවත් ඒ සියල්ල රතන හිමිගේ උපවාසය නිසා සිදු වූ බවත් පැවැසු ඥානසාර හිමි පුද්ගලයන් තිදෙනකුට පමණක් ප්‍රහාර එල්ල කිරීම නිසා මහ මොළකරුවන්ගේ සම්බන්ධතා ගැන කථා කළේ නැති බව ද සඳහන් කළහ.

මේ වන විට චම්පිකගේ ගේමක්ද? - ගෝඨා ගේන වැඩක්ද? යනුවෙන් ප්‍රශ්න කරන නමුත් ඇත්ත ප්‍රශ්නය යට ගිය බවත් පැවැසු උන්වහන්සේ උපවාසයට නොගියේ නම් කොතැනක හෝ යම් ගැටුමක් ඇති වූයේ නම් සියලු දේට තමා වගකිව යුතු බව පවසන බව ද ඥානසාර හිමියෝ පැවැසූහ.

ජාතික ව්‍යාපාරයේ ගුරුහරුකම් දුන් අයෙක් බැවින් රතන හිමියන් බැහැ දැකීමට ගොස් පුද්ගලයන් 3ක් නිසා දුර්වලවීමට ඉඩ දිය නොහැකි බැවින් මේ දේ කළ බවත් පසුව නොසිතූ දෙයක් සිදු වූ බව ද පැවැසු ඥානසාර හිමියන් මේ මොහොතේ තිබිය යුත්තේ එක න්‍යාය පත්‍රයක් බවත් පැවැසීය.

මේ වෙලාවේ හාමුදුරුවන්ට තියෙන්න ඕනේ ජාතික න්‍යාය පත්‍රයක් බවත් මීට පසුව කිසි කෙනකුට මෙය අතට ගැනීමට ඉඩ නොදී තමා මෙය පාලනය කරන බවත්, ප්‍රශ්නය රතන හිමියන් විසින් සංකීර්ණ කළ බවත් කියා සිටියේය.

ප්‍රශ්නය- එක්කෙනකුට අයින් වෙන්න කිවුවහම ඇයි සියලු දෙනා ඉවත් වුණේ?

එය සමඟිය බවත්, සිංහල නායකයන්ට නැති සමඟිය ඔවුන්ගෙන් බලා හෝ ඉගෙන ගත යුතු බවයි.

ප්‍රශ්නය- ඉදිරියේ දී මැතිවරණයකුත් එනවා ඔබවහන්සේ බලාපොරොත්තු වෙනවද ඉදිරියේ දී ඇති වන දේශපාලන විපර්යාසයකින් අනතුරුව ඔබවහන්සේගේ මතවාදය හෝ මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්න පුළුවන් වෙයිද?

ඓතිහාසික තීන්දුව ජූලි මස 7වැනි දින ගන්නා බවත්, රටට ඇත්තේ එක මඟක් එයින් ජයග්‍රහණය කරන්නේ රටේ ජාතිය බව ද ඥානසාර හිමි පැවැසූහ.

අදහස් 1ක් ඇත

kisiwekuth thula nomathibawa ma dannemi, namuth muslim boho samajayaka samaga wada karana ma, danna ekak atha, owun tharam athma parityagayen thama agama sanskruthiya rakina , esema owunaga samagiyada bala wathya, eya anuwa kawuruth niyama bawuddayo dura diga bala rata gana sitha , kriya marga gatha yuthuya,, esema ma thada bawuddayeki, ese mese anugamikathwayakda nowannnaha, , darsanikawa bodu dahama desa balanna!

නව අදහස දක්වන්න