වේවැල් කූඩ රැගෙන යන ටැන්සානියානු ජනපති | දිනමිණ

වේවැල් කූඩ රැගෙන යන ටැන්සානියානු ජනපති

ප්ලාස්ටික් බෑග් තහනම් කිරීමේ නව නීතියට සහය පළ කරමින් ටැන්සානියානු ජනාධිපති ජෝන් මගුෆුලි වේවැල් කූඩයක් රැගෙන මාළු වෙළෙඳපොල වෙත පැමිණ තිබේ. 
 
කූඩයක් ගෙන ජනාධිපතිවරයා වැනි පුද්ගලයකු වෙළෙඳ පොලට පැමිණීම ටැන්සානියාවේ අසාමාන්‍ය සිදුවීමකි.  
 
තහනම් කිරීමෙන් නොනැවතුන එරට රජය ප්ලාස්ටික් බෑග් භාවිතා කළහොත් ඩොලර් 87 ක දඩයක් හෝ දින හතක සිර දඬුවම් ලබා දෙන බව මාධ්‍ය වාර්තා කරයි. ඊට අමතරව ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනය කළහොත් ඩොල්ර් 430,000 හෝ වසර දෙකක් දක්වා සිර දඬුවම් නියම වේ. 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න