මාවනැල්ල සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් | දිනමිණ

මාවනැල්ල සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

පසුගිය දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කළ සිද්ධියේ නඩුව ඊයේ (13) මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කරන සැකකරුවන් 15 දෙනකු මහෙස්ත්‍රාත් නිරීක්ෂණයට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔවුන්ද සැත්තැම්බර් 12 මහෙස්ත්‍රාත් නිරීක්ෂණයට යොමු කරන ලෙසද නියෝග කළේය.

පසුගිය ජුනි 03 වැනිදා පැවැති නඩු අවස්ථාවේ තවත් සැකකරුවෙක් මාවනැල්ල පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මාවනැල්ලේ දනාගම පදිංචි මොහොමඞ් ඉබ්‍රාහිම් සාහිඞ් අබ්දුල් හක් සහ මොහොමඞ් සාදික් අබ්දුල්ලා යන සැකකරුවන් සමඟ මාවනැල්ල පෞද්ගලික බැංකුවකින් මුදල් ගණු දෙනු කිරීමේ වරදට එම සැකකරු ඉදිරිපත් කළ බවයි. එයට අදාළ වාර්තා ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

ඔහු 27 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත විය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අලුත් නුවර, හිගුල පදිංචි අවුරුදු 24 ක් වන හිස්බුල්ලා ඛාන් හම්දි අහමඞ් යන අයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මාවනැල්ල පොලිසිය විසින් සැකකරුවන්ට විරුද්ධව පැමිණිලි මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරමින් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට ඉල්ලා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරීම් කරන සැකකරුවන් තව දුරටත් ප්‍රශ්න කිරීමට නියෝග ලබා දෙන ලදි.

මාවනැල්ල විශේෂ

නව අදහස දක්වන්න