වත්මන් පාලනයට විරුද්ධ රාජපක්ෂ පාලනයකට දොර හැරදීමට නොවේ | දිනමිණ

වත්මන් පාලනයට විරුද්ධ රාජපක්ෂ පාලනයකට දොර හැරදීමට නොවේ

චමීර ඇල්ලදෙණිය

වත්මන් පාලනයට තමන් විරුද්ධ වන්නේ යළිත් වරක් රාජපක්ෂ පාලනයකට දොරටු විවර කිරීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පෙරේදා (12) පැවති විරෝධතාවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මහජන ආරක්ෂාව නොසලකා හැරි පාලකයන්ට තවදුරටත් රට පාලනය කිරීමට කිසිම අයිතියක් නෑ. මහජන ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් නව ව්‍යාපාරයකට බලය ලබා දිය යුතුයි. එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන් ඉදිරියේ රට පාවා දෙන, බදු බරෙන් සහ බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට බිලි දෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි. කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණියේ මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කළ විරෝධතා පා ගමනකිනි. ඒ සඳහා ජ.වි.පෙ. නායකයන්, පක්ෂ සාමාජිකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, කලාකරුවන්, ගොවි, කම්කරු, ශිෂ්‍ය, කාන්තා හා තරුණ බලවේග රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

අදහස් 1ක් ඇත

eka manasika rogayak,, behet naha , amanusukathwaya ihata udin giya minissunta nayakathwayak gannath baha!

නව අදහස දක්වන්න