බුවනේෂ්වර් කුමාර්ට තරග 3ක් අහිමි වෙයි | දිනමිණ


 

බුවනේෂ්වර් කුමාර්ට තරග 3ක් අහිමි වෙයි

පාකිස්තානයට එරෙහිව පෙරේදා මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගය අතරතුර ආබාධයකට ලක්වූ ඉන්දීය පිලේ වේගපන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර්ට මූලික වටයේ ඉන්දීය පිල සහභාගි වන ඉතිරි තරග 3ම අහිමිවීමේ අවදානමක් මතුවී තිබේ.

පාකිස්තාන ඉනිමේදී පන්දු යැවීම ආරම්භ කළ බුවනේෂ්වර්ට පාදයේ ආබාධයක් හේතුවෙන් ඕවර 2.4කට පසුව පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ඔහුගේ ආබාධය එතරම් බරපතළ නොවන බව කී ඉන්දීය පිලේ නායක විරාත් කෝලි ඔහුට ඉතිරි තරග 3ක විවේකයක් ලබාගැනීමෙන් පසුව නැවත සුපුරුදු තත්ත්වයට පැමිණිය හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ඒ අනුව ඇෆ්ගනිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්තය අතර පැවත්වීමට නියමිත ඉතිරි තරගවලින් බුවනේෂ්වර් කුමාර් ඉවත් වනු ඇතැයි වාර්තා වෙයි. එහෙත් ජූලි මස 2 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශ පිලට එරෙහි තරගයට ඔහු ක්‍රීඩා කරනු ඇතැයි ද කෝලි සඳහන් කළේය.

නව අදහස දක්වන්න