ජාතීන් අතර ගැටලුව තවදුරටත් ඇදීයාම වැළැක්වීමට දේශපාලන විසඳුමක් අවශ්‍යයි | දිනමිණ

ජාතීන් අතර ගැටලුව තවදුරටත් ඇදීයාම වැළැක්වීමට දේශපාලන විසඳුමක් අවශ්‍යයි

 ආරියපාල වංශතිලක කුරුණෑගල මධ්‍යම විශේෂ

ශ්‍රී ලංකාවේ පවතින ජාතික ගැටලුව තවදුරටත් ඇදීයාමට ඉඩ නොතබා තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට අවශ්‍යයි. රට ජාතිය සංස්කෘතිය ගැන ජනතාව දැනුවත් කළයුතුයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (17) කුරුණෑගලදී කීය.

කතානායකවරයා මේ බැව් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳව කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේදී පැවති සිව්වන (4) ප්‍රාදේශීය සමුළුව අමතමිණි.

රටේ සංවර්ධනය කඩාවැටී ඇතැයි ඇතැමුන් චෝදනා කළත් සංවර්ධනය වෙනදාටත් වඩා වේගවත්වී තිබෙන බැව්ද ශ්‍රී ලංකාවේ පවතින ජාතික ගැටලුව තවදුරටත් ඇදීයාමට ඉඩ නොතබා තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට අවශ්‍යයි. රට ජාතිය සංස්කෘතිය ගැන ජනතාව දැනුවත් කළයුතුයි. අපට රටක් ඕනෑ යන සංකල්පය ඉදිරියට ඔසවා තබන පිරිසක් අපට අවශ්‍යයි. බල දේශපාලනයේ කටයුතු කරන අයට මේ ර‍ෙට් ජනතාව හැසිරවීමට ඉඩ කඩ නොදෙන බවත් කීය.

ආගම්වාදී ජාතිවාදී දේශපාලනය ඉස්මතු කරගෙන ඒ හරහා පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට විපක්ෂය වෙර දරනවා. මේ අරමුණු පරාජය කිරීම සඳහා ජාතිමාමක බලවේග සමඟ එකට සිට ගැනීමට ආණ්ඩුවක් වශයෙන් සූදානම් බවත් කතානායක කරු ජයසූරිය මහතා මෙහිදී කීය.

තවදුරටත් මෙම සමුළුව අමතා කතා කළ කරු ජයසූරිය මහතා අප්‍රේල් 21 දින සිද්ධිය ලෝකයේ කොයි රටෙත් සිදුවෙනවා. තේරීම් කාරක සභාව පිහිටෙව්වේ විපක්ෂයේ කණ්ඩායම එකතුවෙලා. ප්‍රශ්නවලින් පැන යන්නෙ නැහැ. එජාපය අවුරුදු 32ක් මේ රට පාලනය කොට තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු රජයේ මැදිහත්වීම උඩ අන්‍යෝන්‍ය සුහදතාවය ක්‍රමක් ක්‍රමයෙන් ගොඩනැඟෙමින් පවතින බවත් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශය සමත්වූ බවත් කීය. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආගමික සංස්කෘතිය නොමැතිව රට ඉදිරියට ගෙනයා නොහැකි බවත් අන්තවාදය මේ වන විට ලෝකය පුරාම පැතිරී තිබෙන බවත් ම්ලේච්ඡ ත්‍රස්තවාදය විනාශ කළ යුතු බවත් කීය. ආගමික නායකයින් ඇතුළුව විශාල පිරිසක් මේ සමුළුවට එක්රෝක්වී සිටියහ.

නව අදහස දක්වන්න