කොළඹ වානිජ මණ්ඩලයේ නව සභාපති සාරංග විජේරත්න | දිනමිණ


 

කොළඹ වානිජ මණ්ඩලයේ නව සභාපති සාරංග විජේරත්න

කොළඹ වාණිජ මණ්ඩලය විසින් 2019-2021 වර්ෂය සඳහා නව සභාපතිවරයා ලෙස සාරංග විජයරත්න මහතා පත් කර තිබේ. වාණිජ මණ්ඩලය මේ බව ප්‍රකාශ කළේ පසුගියද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදීයි.

සාරංග කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ පළමු පන්තියේ උපාධියක්ද හිමිකරගෙන සිටී. ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) පූර්ණ සුදුසුකම් ලත් සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේද (CA-Sri Lanka) සුදුසුකම් ලැබූවෙකි.

සාරංග විජේරත්න මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ (FCCISL) අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රචාරණ සංගමයේ (IAA) අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කර තිබේ. ඔහු සිංගප්පූරුවේ පැවති ලෝක සන්නාම සම්මේලනයේ (2015) ගෝලීය උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර අත්දැකීම් ලැබූවෙකි.

සාරංග විජේරත්න මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ජාතික රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද වෙයි.

කොළඹ වාණිජ මණ්ඩලය යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සහ සමාගම්වල අවශ්‍යතා නියෝජනය කරන විශාලතම ස්වාධීන ජාල සහ ව්‍යාපාරික උපකාරක ආයතනයකි.කොළඹ වාණිජ මණ්ඩලය (CCC )සිය සාමාජිකයින්ගේ අවශ්‍යතා නියෝජනය කරන්නේ කොළඹ ප්‍රධාන ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ බලපෑම් කරන්නන් සඳහා යි.

කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔහුගේ සැලසුම් පිළිබඳව විමසූ විට සාරංග පැවසුවේ “ කන්ඩායමක් සේ එක්ව, අප කළ යුතු දේ හඳුනාගෙන ප්‍රමුඛතාවය පොදු අව්‍යතා ප්‍රමුඛතාවය සඳහා දී කටයුතු කරනවා. පාරදෘශ්‍යතාව වැඩි කිරීම සහ සාමාජිකයින්ගේ සහභාගීත්වය වැඩි කිරීම වසරේ ප්‍රධාන අරමුණු දෙකයි. වැඩි සාමාජිකත්වයක් ඇතිකිරීම, මෙන්ම සාමාජිකයින්ගේ සහභාගීත්වය වැඩි කිරීමට අපට අවශ්‍යයි. අපගේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් වන්නේ එකිනෙකා අතර සබඳතා වර්ධනය කිරීම සහ ජාතියට සහ රටේ ආර්ථිකයේ වර්ධනයට දායක වීමයි. ”

කොළඹ වාණිජ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය තරුණ හා ජවසම්පන්න කණ්ඩායමකින් සමන්විත වන අතර ප්‍රසන්න ලියානගේ (ආසන්නතම හිටපු සභාපති), දිලේෂා පෙරේරා (ලේකම්), රොෂාන් ගුණවර්ධන (ජ්‍යෙෂ් උප සභාපති), දමිත් ගංගෝඩාවිලගේ (භාණ්ඩාගාරික), ලක්මාල් වජිරසිරි ( උප සභාපති), මොහොමඩ් අෆ්තබ් (අධ්‍යක්ෂ), දක්ෂි බොගොල්ලගම (අධ්‍යක්ෂ) සහ එම්. ෂබීර් (උපදේශක මණ්ඩල සාමාජිකයින් වෙති.

නව අදහස දක්වන්න