චීන ජනාධිපති ෂී ජින් පිං ජගත් ඇගයීමට | දිනමිණ

චීන ජනාධිපති ෂී ජින් පිං ජගත් ඇගයීමට

චීන ජනාධිපති ෂී ජින් පිං ටජිකිස්තානයේ පැවැති ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5වන සමුළුවේ දී පැවැත් වූ දේශනය ඊට එක් වූ විවිධ රටවල නායකයන්, ජගත් හා කලාපීය සංවිධානවල නියෝජිතයන්ගේ පොදු ඇගයීමට ලක් විය. ආසියා රටවල් අභි‍යෝගවලට මුහුණ දෙමින් පොදු ඉරණමක් සහිත ආසියාවක් ගොඩනැගීම පිළිබඳ චීනයේ ස්ථාවරය හා මතයන් ෂී ජින් පිං ගේ සිය දේශනයෙන් ඉදිරිපත් කර තිබීම ඊට හේතු වී තිබේ.

ආසියාව ලොව වැඩිම සංවර්ධන ජවය හිමි කලාපයක් වුව ද ආර්ථික, දේශපාලන, ආරක්ෂක හා පරිපාලන ඇතුළු අභියෝග රැසකට මුහුණ දී සිටී. ඒ අතරින් විශ්වාසය, සාමය, සංවර්ධනය හා පරිපාලනය යනාදි “හිඟ තත්ත්වයන්” තුරන් කිරීම අත්‍යවශ්‍ය බව චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් පෙන්වා දුන්නේය. එම “හිඟ තත්වයන්” තුරන් කිරීමට හෙතෙම සිය අදහස් ද පළ කර තිබේ. විවිධ රටවල් එකිනෙකට ආවේණික දේශපාලන ක්‍රම හා සංවර්ධන මාවත් කෙරෙහි ගෞරවය දැක්වීම සහ පොදු ජයග්‍රහණ පතමින් ආරක්ෂණවාදයෙන් බැහැර වීම, විශ්වාස හිඟයට හොඳම විසඳුම බව හෙතෙම විශේෂයෙන් සඳහන් කර ඇත.

නව අදහස දක්වන්න