ඊජිප්තු හිටපු ජනපති නඩුවක් අතරතුර මරුට | දිනමිණ

ඊජිප්තු හිටපු ජනපති නඩුවක් අතරතුර මරුට

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සි නඩු විභාගයක් අතරතුර මියගොස් තිබේ.
 
හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් ඔහු මියගිය බව ඊජිප්තු බලධාරීන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මියයන විට ඔහු 67වැනි වියෙහි පසුවිය.
 
මොහොමඩ් මුර්සි බලයට පත්වූණේ 2012 වසරේදීය. ඒ ඊජිප්තුවේ ප්‍රාතන්ත්‍රිතකව බලයට පත්වූ පළමු ජනාධිපතිවරයා වශයෙනි. ඔහු 2013 වසරේ බලයෙන් පහ කරනු ලැබිණ.
 
එතැන් පටන් ඔහු අත්අඩංගුවේ පසුවිය. 
 
ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඔහු නායකත්වය දැරූ මුස්ලිම් සහෝදරත්ව පක්ෂය සඳහන් කරන්නේ, එය පැහැදිලි මනුෂ්‍ය ඝාතනයක් බවයි. ක්‍රියාකාරිකයින් හා හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ අය චෝදනා කරන්නේ රජය විසින් ඔහුට තිබූ රෝගාබාධවලට නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවයි. එසේම, දිනකට පැය 23ක කාලයක් ඔහුව හුදකළා කුටියක සිරකර තැබූ බවත්, ඔහුගේ පවුලේ අය චෝදනා කරයි.

නව අදහස දක්වන්න