දුමින්දගේ වාට්ටුවේ තිබී ජංගම දුරකථන 04ක් | දිනමිණ

දුමින්දගේ වාට්ටුවේ තිබී ජංගම දුරකථන 04ක්

මරණ දණ්ඩනය නියමවී දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වා සිටින වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 03 වාට්ටුවේ තිබී ස්මාර්ට් ෆෝන් දෙකක් සහ සාමාන්‍ය ජංගම දුරකතන දෙකක් සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධි අංශ නිළධාරින් පෙරේදා (18) සමත්වී ඇත.
 
බුද්ධි අංශ එම වාට්ටුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකතන 04 එහි වැසිකිලියක තිබී සොයා ගත් අතර එම දුරකතන හා සිම් කාඩ් පත් වැඩිදුර පරික්ෂන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. 
 
දුමින්ද සිල්වා ,නවීන පන්නයේ ජංගම දුරකතන භාවිතා කරන ආකාරය දැන්වෙන ඡායාරූප පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවිවල හුවමාරු වී තිබිණ. 
 
මරණ දඬුවම් නියම වී සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ද  බන්ධනාගාර රෝහලේඑම වාට්ටුවේ රඳවා සිටී.
 
 
  

අදහස් 1ක් ඇත

බන අහන්ඩ හත phone එකක් වෙනද ඇති

නව අදහස දක්වන්න