ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයට සූදානම් වෙයි | දිනමිණ

ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයට සූදානම් වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සනාථ කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කරයි.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව තවත් වසර 4ක් සඳහා තබා ගන්නා ලෙසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කණ්ඩායම් රට විනාශ කරන බවට චෝදනා කළේය. අස්ථාවරව පැවති රට තම පාලන කාලයේ දී ස්ථාවර තත්ත්වයට ගෙන ආ බවද ඔහු පැවසීය.

ඔහුගේ මේ ප්‍රකාශය පිළිබඳව එරට ඩිමොක්‍රොටික් පක්ෂ නායකයන් පවසන්නේ මෙය රටේ අවසානය බවයි.

අදහස් 1ක් ඇත

may be he will ?

නව අදහස දක්වන්න