මරණීය දණ්ඩනය වැළැක්වීමේ අතුරු නියෝගයක් | දිනමිණ

මරණීය දණ්ඩනය වැළැක්වීමේ අතුරු නියෝගයක්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මලින්ද සෙනෙවිරත්න නැමැත්තෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින් 04 දෙනෙකුට ඔවුන්ගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මෙම තීරණය තුළින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුවත් ඒ තුළින් දැඩි මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවීමට ඉඩකඩ තිබෙන බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

එම නිසා එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කරන මෙන් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

අදහස් 1ක් ඇත

එක්තරා රටක දුර්භීක්‍ෂ සමයක් උදාවුනා ඉතින් එක්තරා ගමක්ද මෙයට මුහුණ දුන්නා මෙය සිදුවුනේ එක්තරා මධ්‍යම පාන්තික ප‍්‍රභූ නිවසක එහි සේවකයන්ද නිවස අතහැර ගොස් තනිවූනේ ගෙදර ප‍්‍රධානියා ස්වාමි දුව හා කුඩා දියණියන් පමණයි ඉතිඑක්දරුවකුටත් වසංගත රෝගයක් වැලදුනා ඉතින් අවසානයේදී ඇය උදේඇහැරුනේ නැහැ ගෙදර ප‍්‍රධානියා පවුලේ සුසානයට ගෙන ගොස් ගල් දොර වසා තැබුවා කලකට පසු තවත් මරණයක් සිදුව පවුලේ සුසානය විවෘත කරා අහෝ දොර ලගම ඇට සැකිල්ලක් කාරණය පැහැදිලියි කලින් දරුවා මියගොස් නැහැ ඇය කොමා තත්වයට පමණක් පත්ව වැරදි නිගමනයකින් ඇය මලවුන් අතරට ගිය කෙනෙක් ලෙස සැලකුවා දැන් කතාව අයෙත් මුල ඉදල කියවලා ඉන්පස්සෙ ටික කියෙව්වොත් හොඳයි මරණ දඬුවම කා අතරත් කතාබහක් ධර්මයට අනුව වෙනස් නොවන දෙයක් නැහැ එය භෞතික දේදැනුම හෝනිගමන වලට පමණක් සීමා වෙන්නේ නැහැ ඊළඟ නිගමන ඔබට බාරයි මගේ මතය මරණ දඬුවමක් මිහිමත මුනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය නොවන බවයි ආයෙත් මුලට

නව අදහස දක්වන්න