මත් රකුසාගෙන් දරුවන් බේරා ගැනීමට දෙමාපිය වගකීමත් විශාලයි | දිනමිණ

මත් රකුසාගෙන් දරුවන් බේරා ගැනීමට දෙමාපිය වගකීමත් විශාලයි

දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමට දෙමව්පියන් තම වගකීම්වලින් බැහැරව කටයුතු කිරීමත් ප්‍රධාන හේතුවක් බව අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඇත්කඳවක ශ්‍රද්ධාජීව හිමිපාණන් පැවැසූහ. පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමි හිමිපාණන් ගේ මාර්ගෝපදේශකත්වයෙන් ක්‍රියාත්මක වන මිතුරු මිතුරෝ සංසදයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් යළි සමාජගත කිරීමේ ජාතික විශෝධන මධ්‍යස්ථාන වල දරුවන්ගේ භාරකරුවන් අමතා විශේෂ දෙසුමක් පවත්වමින් ඇත්කඳවක ශ්‍රද්ධාජීව හිමිපාණන් මේ බව කීහ. පැල්මඩුල්ල, කුරුවිට, පිලියන්දල හා ගම්පහ යන ප්‍රදේශවල අද ස්ථාපිත "මිතුරු මිතුරො" මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විශෝධනය කරන මධ්‍යස්ථාන වලින් අප මාතෘභූමියට කරන මෙහෙවර ඉමහත් බවත් දැයේ දරුවන් මත් රකුසා ගෙන් මුදවා ගැනීමට පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමිපාණන් කරන උත්තම මෙහෙවරට ජාතියේම ගෞරවය හිමිවන බවත් උන්වහන්සේ කීහ.

අදහස් 1ක් ඇත

mathin tora ratak pera thibuna , hethuwa math drawa wiyapara athithaye nothibuna nisa , mema wiyaparayakayin wahama mardanaya kala yuthuya!

නව අදහස දක්වන්න