ටැබ් පරි­ග­ණක ලබා­දීමේ වැඩ­ස­ට­හ­නට පහර ගස­මින් අඳ­බාල බව ප්‍රද­ර්ශ­නය කිරීම ලැජ්ජා සහ­ගත ක්‍රියා­වක් | දිනමිණ

ටැබ් පරි­ග­ණක ලබා­දීමේ වැඩ­ස­ට­හ­නට පහර ගස­මින් අඳ­බාල බව ප්‍රද­ර්ශ­නය කිරීම ලැජ්ජා සහ­ගත ක්‍රියා­වක්

කල් ඉකුත් වූ චින්ත­න­යෙන් පිරි දේශ­පා­ල­න­ඥ­යන්, පාසල් සිසුන්ට හා ගුරු­ව­රුන්ට ටැබ් පරි­ග­ණක ලබා දීමේ වැඩ­ස­ට­හ­නට පහර ගස­මින් සිය ළිංමැඩි මාන­සි­ක­ත්වය හා අඳ­බාල බව ප්‍රද­ර්ශ­නය කිරීම ලැජ්ජා සහ­ගත ක්‍රියා­වක් බව අධ්‍යා­පන ඇමැති අකිල විරාජ් කාරි­ය­ව­සම් මහතා ප්‍රකාශ කරයි.

විසි එක්වැනි සිය­ව­සට අදාළ අධ්‍යා­පන නිපු­ණතා සාක්ෂාත් කර ගැනී­මට හා ඉගෙ­නුම්-ඉගැ­න්වීම් ක්‍රියා­ව­ලි­යට අති­ශ­යින් වැද­ගත් වන ටැබ් පරි­ග­ණක ලබා­දීමේ ව්‍යාපෘ­තිය විවිධ අසා­ධා­රණ විවේ­චන මගින් කඩා­ක­ප්පල් කිරී­මට ගෙන­ගිය කුහක ක්‍රියා­මාර්ග හේතු­වෙන් එය මෙතෙක් ප්‍රමාද වූ බව පැව­සීය. එහෙත් ජනා­ධි­පති, අග­මැති හා අමාත්‍ය මණ්ඩ­ලය ටැබ් පරි­ග­ණක දිය යුතු බවට ඉකුත් 25 වැනිදා ‍ඓතිහා­සික තීන්දු­ව­කට එළැ­ඹිම අධ්‍යා­පන ක්ෂේත්‍රය ලැබූ විශාල ජය­ග්‍ර­හ­ණ­යක් බව ද ඇමැ­ති­ව­රයා සඳ­හන් කරයි. එම ජය­ග්‍ර­හ­ණය ඉව­සනු බැරි වූවෝ දැන් විවිධ චෝදනා නඟ­මින් සිය කුහක මාන­සි­ක­ත්වය පෙන්නුම් කරන බවත් ඇමැ­ති­ව­රයා සඳ­හන් කරයි.

පසු­ගිය රජයේ අධ්‍යා­පන අමා­ත්‍යං­ශය යම් සාධ­නීය පිය­ව­රක් ගත්තේ නම් විප­ක්ෂය නියෝ­ජ­නය කර­මින් සිටි­යදී පවා ඒ හැම අව­ස්ථා­ව­ක­දීම කුහ­ක­ත්ව­යෙන් තොරව සහ­යෝ­ගය පළ කර­මින් අගය කළ බව මේ විවේ­ච­ක­යන්ට අම­තක වීම ගැන තමා කන­ගාටු වන්නේ­යැයි ද ඇමැ­ති­ව­රයා සඳ­හන් කරයි.

පුද්ගල නාම ප්‍රව­ර්ධ­නය කිරීමේ මාන­සි­ක­ත්ව­යෙන් ජාතික ධනය රුපි­යල් කෝටි ගණන් වැය කර­මින් මහ පාරට පෙනෙ­න්නට විද්‍යා­ගාර ගොඩ­නැ­ඟිලි තැනීම, ඒවා තනා නිම කිරී­මට පෙර තවත් විශාල මුද­ලක් වැය කර­මින් උප­ක­රණ මිලදී ගැනීම හා ගුණා­ත්ම­ක­භා­වය පිළි­බඳ ප්‍රශ්න­ගත පරි­ග­ණක යන්ත්‍ර රුපි­යල් කෝටි ගණන් විය­දම් කර මිලට ගැනීම, දේශ­පා­ලන උප­ක්‍රම වශ­යෙන් විද්‍යා­ගාර හා ගොඩ­නැ­ඟිලි විවෘත කිරීම වැනි කට­යුතු කළ ද පසු­ගිය රජයේ බල­ධා­රීන් පාසල් දරු­වන්ගේ මූලික අව­ශ්‍යතා හිතා මතා අම­තක කළ බවත්, එසේ අම­තක වූ පාසල් වැසි­කිළි-කැසි­කිළි හා ජල පහ­සු­කම් ලබා දෙන්නේ වත්මන් රජය බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි.

තමා අධ්‍යා­පන ඇමැති පද­විය බාර ගැනී­මට පෙර විපක්ෂ මන්ත්‍රී­ව­ර­ය­කුව සිටි­යදී අධ්‍යා­පන ක්ෂේත්‍රයේ ගැටලු මෙන්ම අඩු­පාඩු සම්බ­න්ධ­යෙන් දැඩි උන­න්දු­වක් දැක්වූ බැවින් අමාත්‍ය පද­වි­යට පත් වූ පසු ඒවා එකි­නෙක කඩි­න­මින් විස­ඳී­මට පට­න්ගත් බව ද පව­සන අමා­ත්‍ය­ව­රයා 'ළඟම පාසල -හොඳම පාසල' වැඩ­ස­ට­හන යටතේ රුපි­යල් මිලි­යන 64000ක විය­ද­මින් පාසල් 9345ක් සංව­ර්ධ­නය ආරම්භ කළ බව ද පෙන්වා දෙයි. ඒ යටතේ 2015 වසරේ සිට මේ දක්වා පාසල් 3800ක් සඳහා රුපි­යල් මිලි­යන 3977 ක් වැය­ක­ර­මින් සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් මෙන් ම, රුපි­යල් මිලි­යන 147.303 ක් වැය කර­මින් පාසල් 860 ක ජල පහ­සු­කම් ද පාසල් 1845කට රුපි­යල් මිලි­යන 1417ක් වැය කර විදු­ලිය ලබා දුන්නේ ද වත්මන් රජය බවද ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි. වර්ත­මාන ආණ්ඩුව අධ්‍යා­ප­න­යට මේසා විශාල වැඩ කොට­සක් ඉටු කළ ද ඒ කිසි­වක හෝ සිය නාම පුවරු සවි නොකළ අතර කිසි­වක් සිය නමින් නම් නොකළ බවත් පෙන්වා දෙයි. 'ළඟම පාසල - හොඳම පාසල ' වැඩ­ස­ට­හනේ දෙවෙනි අදි­යර යටතේ ඉදි­කළ පාසල් ගොඩ­නැ­ඟිලි 250ක් මේ මාසයේ දී විවෘත කිරීම සිය­තට පවරා නොගෙන පළාතේ මැති ඇමැ­ති­ව­රු­නට පැව­රී­මට තමා කට­යුතු කළ බවත් අමා­ත්‍ය­ව­රයා පෙන්වා දෙයි.

මෙවැනි ජය­ග්‍ර­හණ ඉව­සනු බැරි­වූ­වන් විවිධ ප්‍රකාශ කර­මින් සිය පහත් මාන­සි­ක­ත්වය හා කුහ­ක­ත්වය ප්‍රද­ර්ශ­නය කරන බව ද අමා­ත්‍ය­ව­රයා පව­සයි.

සත්‍යය පිළි­බඳ සොයා නොබලා අහිං­සක ජන­තාව රැව­ටී­මට එකම බොරුව දිග­ටම වපු­රන ගොබෙල්ස් න්‍යාය ක්‍රියා­ත්මක කර­න­වාට වඩා පාස­ල්ව­ලට ගොස් ඉහත පහ­සු­කම් තිබෙ­න­වාද නැද්ද යන වග සැක හැර ප්‍රායෝ­ගි­ක­වම දැක ගැනීම සඳහා හැකි නම් පැමි­ණෙන ලෙස විවේ­චක දේශ­පා­ල­න­ඥ­යන්ට හා ජන­මා­ධ්‍ය­යන්ට ආරා­ධනා කරන බවද අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර‍ටත් සඳ­හන් කරයි.

මාධ්‍ය වෙත නිවේ­ද­න­යක් නිකුත් කර­මින් අධ්‍යා­පන ඇමැති අකිල විරාජ් කාරි­ය­ව­සම් මහතා මේ බව සඳ­හන් කරයි.

අදහස් 2ක් ඇත

Dear Minister, You can never expect any change in knowledge with tablet for education. Current education without a national curriculum with a direct focus on national development is the main bottleneck for the development in this country. First of all, you have to lead all kind of education apparatus and their big heads to develop a national curriculum for education (from child hood to University level) by considering national resources, human resources and potential, future trends in economy, future policies in economic and social development, competitive market and so on. You all (225) should sit together and make a national policy for education, health, economy, security, social development for the country for 10 years. Start from that point. Today we do not have any vision or clear policies for anything! Just barking may not help to change this unlucky island.

Dear Minister, You can never expect any change in knowledge with a tablet for education. Tablet is another trap to reduce the brain development of a moderate IQ student. This has been proved in many schools in the west. Current education without a national curriculum with a direct focus on national development is the main bottleneck for the development in this country. First of all, you have to lead all kind of education apparatus and their big heads to develop a national curriculum for education (from child hood to University level) by considering national resources, human resources and potential, future trends in economy, future policies in economic and social development, competitive market and so on. You all (225) should sit together and make a national policy for education, health, economy, security, social development for the country for 10 years. Start from that point. Today we do not have any vision or clear policies for anything! Just barking may not help to change this unlucky island.

නව අදහස දක්වන්න