මිලේනියම් ගිවිසුම ගැන ඇතැමුන් බිල්ලන් මවනවා | දිනමිණ

මිලේනියම් ගිවිසුම ගැන ඇතැමුන් බිල්ලන් මවනවා

කමනි අල්විස්

මිලේනියම් කෝපරේෂන් ගිවිසුම හරහා ලැබෙන ආධාර මුදල් යොදවා මේ රටේ දුෂ්කර පළාත්වල ප්‍රවාහන සේවය දියුණු කිරීම හා ඉඩම් දත්ත පරිගණකගත කරමින් ජනතාවගේ සුබසාධනය උදෙසා ආණ්ඩුව ක්‍රියාත්මක වෙද්දී බිල්ලන් මවමින් ඊට හරස් කපන්නන් මේ ගිවිසුමෙන් රටට සිදු වන හානිය කුමක්දැයි කිව යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

අමෙරිකා ඩොලර් මිලියන හාරසිය අසූවක මුදලින් ඩොලර් මිලියන තුන්සීයක් දුෂ්කර පළාත්වල ප්‍රවාහන සේවය දියුණු කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඉතිරි මුදල් ඉඩම් දත්ත පරිගණකගත කිරීමේ වටිනා මෙහෙවර ඉටුකිරීමට යොදවන බවත් මෙහිදී පැහැදිලි කළේය.

මීට ඉහතදී සිංගප්පූරු ගිවිසුම පිළිබඳවත් විපක්ෂයේ ඇතැම් කුහක දේශපාලනඥයන් බිල්ලන් මැවූ බව පැවසූ මන්ත්‍රීවරයා 1990 ගිලන් රථ සේවය ලබාදෙද්දී රෝ ඔත්තු සේවය තොරතුරු ලබා ගැනීම එමඟින් සිදු කරන බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කෑ මෝර දුන් බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා ගිලන් රථ සේවයෙන් ගෙන එන රෝගීන්ට ප්‍රතිකාර නොකරන බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් මන්ත්‍රීවරයා අතීතය ආවර්ජනය කරමින් සිහිපත් කළේය. අවසානයේ දී මේ වන විට සිදුව තිබෙන්නේ සිංගප්පූරු ගිවිසුම දේශපාලන රඟදැක්වීමක්වීම සහ ගිලන් රථ සේවය මුළු රටම ආවරණය කරමින් රෝගීන්ට අමිල මෙහෙවරක් ඉටුකිරීම බවත් අවධාරණය කළේය. තම ජඩකම් වසා ගැනීමට විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ජනතාවට සුබසිද්ධිය ඇති කරමින් රට සංවර්ධනය කිරීමට එරෙහිව කුහක ලෙස ක්‍රියා කිරීම පිළිකුල් සහගත බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මන්ත්‍රී හේෂා විතානගේ මහතා මේ අදහස් දැක්වූයේ ඊයේ (8) අරලියගහ මන්දිරයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දීය. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද සහභාගී විය.

නව අදහස දක්වන්න