සෝෆා නමින් ගිවිසුමක් අත්සන් කර නැහැ | දිනමිණ

සෝෆා නමින් ගිවිසුමක් අත්සන් කර නැහැ

සෝෆා නමින් ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් රටේ පරමාධිපත්‍යයට,ස්වාධිපත්‍යයට හානිවන කිසිම දෙයක් සිදු කර නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
 
සෝෆා ගිවිසුම සහ ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
 
අත්සන් කිරීමට නියමිත ගිවිසුමක් නෑ. ඒ ගැන සාකච්ඡා කරනවා. එකඟ වෙන්න පුළුවන් නම් විතරයි අත්සන්  කරන්නේ තවම තිබෙන්නේ 1995 ගිවිසුම පමණයි. සෝෆා ගිවිසුම ආරක්ෂක ගිවිසුමක් නොවන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. සමහර යෝජනා පිළිගත නොහැකි බව කී අග්‍රාමාත්‍යවරයා, අදාළ අමාත්‍යාංශය සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය සමඟ සාකච්ඡ කරන බවද සඳහන් කළේ ය.
 
අපේ රටේ පරමාධිපත්‍යයට,ස්වාධිපත්‍යයට හානිවන කිසිම දෙයක් නෑ. ඇක්සා ගිවිසුමට සංශෝධන රාශියක්  තිබුණා. අපි සාකච්ඡාවක් කර තිබෙනවා. සෝෆා නමින් ගිවිසුමක් අත්සන් කර නෑ.මෙහි හංගන්න දෙයක් නෑ. මම  සභාවට ලබාදෙන්නම්. අත්සන් කරන්න නියමිත ගිවිසුමක් නෑ. අපේ සෛවරීභාවයයි ස්වාධිපත්‍ය ආරක්ෂා වෙන  විදිය අප බලන්නේ.අපට වාසිදායක වන ලෙසයි කටයුතු කරන්නේ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
 

නව අදහස දක්වන්න