මතට ගොදුරුවූවන් මුදා ගන්න සිවිල් බළකාය වැඩට බසී | දිනමිණ

මතට ගොදුරුවූවන් මුදා ගන්න සිවිල් බළකාය වැඩට බසී

විජයානි එදිරිසිංහ

ජනාධිපතිවරයාගේ මතින් නිදහස් රටක් වැඩසටහනට සමඟාමීව සිවිල් ආරක්ෂක බළකාය මගින් රට පුරා මතට ගොදුරු වූ පුද්ගලයන් මුදා ගැනීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ කරගෙන යන අතර, බළකා මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ මුළු සහ මනෝ විද්‍යාත්මක වැඩමුළු පවත්වමින් දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ මානසික සංවර්ධනය ඇති කිරීම සිදු කරන අතර, සියලු සිවිල් බළකා මුලස්ථානයන්හි මෙම වර්ෂයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු විශාල ප්‍රමාණයක් පවත්වමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේනුතු සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීමට කටයුතු කරගෙන යයි.

 මේ අතර සියලුම බළකා මුලස්ථාන ආවරණය වන පරිදි ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බළකාය මගින් පුහුණු කළ 103කගෙන් සමන්විත පුහුණු උපදේශක පිරිසක් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සෑම මසකම ක්‍රමානුකුලව පැවැත්වීමට කටයුතු කෙරේ. ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බළකාය මගින් පවත්වන විශේෂ වැඩසටහන් සඳහා දායකත්වය ලබාදීම සිදු කරයි.

සියලුම බළකා ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන පිහිටුවීම, මත්ද්‍රව්‍ය උපදේශකයන් සඳහා ප්‍රගති සමාලෝචන වැඩමුළු පැවැත්වීම, වීදි නාට්‍ය මගින් සහ මත්ද්‍රව්‍ය විරෝධී බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් හා අත්පත්‍රිකා බෙදා හරිමින් මහජනතාව දැනුවත් කිරීම ද සිදු කරයි. සෑම බළකා මුලස්ථානයකම බල ප්‍රෙද්ශවලින් මත්ද්‍රව්‍ය නිවාරණ ගම්මානයන් තෝරාගෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීම ද සිදු කරයි.

බළාකා මුලස්ථාන 23ක ආදර්ශ ගම්මාන 26ක් පිහිටුවමින් එම ප්‍රදේශයේ ජනතාව මත් උවදුරින් මුදා ගැනීම සඳහා සුවිශාල වූ කාර්ය බාරයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉටු කරයි.

නව අදහස දක්වන්න