ජනපති අතින් විශිෂ්ටයන්ට ජනාධිපති සම්මාන පිදෙයි | දිනමිණ

ජනපති අතින් විශිෂ්ටයන්ට ජනාධිපති සම්මාන පිදෙයි

ප්‍රින්ස් ගුණසේකර

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවිධානයවන ඉහළම ක්‍රීඩා සම්මාන උළෙල ලෙස සැලකෙන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ලෝකඩ පදක්කම දිනාගත් ඉන්දික දිසානායකට හා දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය එම ක්‍රීඩා උළෙලේදී බොක්සිං ලෝකඩ පදක්කම දිනාගත් අනූෂා කොඩිතුවක්කුට හිමිවෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා ජයග්‍රහණ ලබා විශිෂ්ටත්වයට පත්වූ හා ක්‍රීඩාව වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අමිල මෙහෙවරක් ඉටුකළ විශිෂ්ටයින් වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම පිරිනැමීම විශේෂත්වයකි.

ඒ අනුව ජාතියේ ක්‍රීඩා සංවර්ධනය උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා දේශෝත්තර හා ක්‍රීඩා රත්න, යන සම්මාන ජනාධිපතිතුමා අතින් පිරිනැමුණි.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල සංවිධානය කළ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමග, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, හෙක්ටර් අප්පුහාමී හා හර්ෂණ රාජකරුණා යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී ප්‍රදානයවූ සම්මාන මෙසේය:

ජාතික ක්‍රීඩා සංවර්ධනය උදෙසා විශිෂ්ටවූත්, ප්‍රශංසනීය වූත් සේවය සඳහා ප්‍රදානය කරන සම්මාන

ක්‍රීඩා භූෂණ සම්මාන

1.නිමල් ලෙවුකේ මහතා

2.චන්ද්‍රශාන් පෙරේරා මහතා

3.කපිතාන් තිලාන් පෙරේරා මහතා

4.ප්‍රේමා පින්නවල මහතා

5.මහාචාර්ය රංජිත් සිල්වා මහතා

6.පී. දොන් වික්ටර් මහතා

ක්‍රීඩා රත්න සම්මාන

1.චන්ද්‍රිකා කාන්ති වික්‍රමාරච්චි මහත්මිය

2.ඒ.එල්.ඩී.ප්‍රේමරත්න මහතා

3.සුනීතා විජේසූරිය මහත්මිය

ක්‍රීඩා දේශෝත්තර සම්මාන

1.පුෂ්පමාලි රාමනායක මහත්මිය

2.අනුර තෙන්නකෝන් මහතා

3.මාලි වික්‍රමසිංහ මහත්මිය

ක්‍රීඩා ප්‍රභා සම්මාන

1.ප්‍රේමසර ඈපාසිංහ මහතා

2.එල්මෝ රොද්‍රිගෝපුල්ලේ මහතා

3.ජේ.එච්.විල්සන් මහතා

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා පෞර්ෂයට හිමි සම්මානය:

ඉන්දික දිසානායක (පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ රිදී පදක්කම දිනාගත්)

වසරේ දක්ෂතම ක්‍රීඩිකාව:

අනුෂා කොඩිතුවක්කු (පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ලෝකඩ පදක්කම දිනාගත්)

වසරේ දක්ෂතම ක්‍රීඩකයා:

ඉන්දික දිසානායක (පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ රිදී පදක්කම දිනාගත්)

වසරේ ජනප්‍රියතම ක්‍රීඩිකාව:

අනුෂා කොඩිතුවක්කු (පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං රිදී පදක්කම දිනාගත්)

වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා:

ඉන්දික දිසානායක (පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ රිදී පදක්කම දිනාගත්)

වසරේ ජනප්‍රියතම නැඟී එන ක්‍රීඩිකාව:

අමාෂා ද සිල්වා (ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කම් දිනාගත්)

වසරේ ජනප්‍රියතම නැඟී එන ක්‍රීඩකයා:

හර්ෂණ තෙන්නකෝන් (චෙස් ක්‍රීඩක)

වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම:

ජාතික නෙට්බෝල් පිල (ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත්)

වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම:

ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම (2018 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත්)

වසරේ දක්ෂතම (විශේෂ අවශ්‍යතා සහිත) පිරිමි ක්‍රීඩා කණ්ඩායම:

ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම (ලෝක විස්සයි20 දෘෂ්‍යාබාධිත ශූරතාව දිනාගත්)

වසරේ දක්ෂතම (විශේෂ අවශ්‍යතා සහිත) ක්‍රීඩිකාව:

අමරා ඉන්දුමතී (ආසියානු පැරා ක්‍රීඩා උළෙල මීටර් 200 ලෝකඩ පදක්කම් දිනාගත්)

වසරේ දක්ෂතම (විශේෂ අවශ්‍යතා සහිත) ක්‍රීඩකයා:

දිනේෂ් ප්‍රියන්ත (ආසියානු පැරා ක්‍රීඩා උළෙල හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත්)

වසරේ නැඟී කුසලතා පූර්ණ කාන්තා ක්‍රීඩා කණ්ඩායම:

මීටර් 400 කනිෂ්ඨ සහාය දිවීමේ කණ්ඩායම (2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගත්)

වසරේ නැඟී කුසලතා පූර්ණ පිරිමි ක්‍රීඩා කණ්ඩායම:

මීටර් 100 සහාය දිවීමේ කනිෂ්ඨ කණ්ඩායම (2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනාගත්)

නැඟී එන කුසලතා පූර්ණ ක්‍රීඩිකාව:

පාරමි වසන්ති මාරිස්ටෙලා (යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ ලෝකඩ පදක්කම දිනාගත්)

නැඟී එන කුසලතා පූර්ණ ක්‍රීඩකයා:

අරුණ දර්ශන (ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 රන් පදක්කම හා මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කම දිනාගත්)

කුසලතා පූර්ණ ක්‍රීඩා විනිසුරු/තරග තීරක/තාක්ෂණ නිලධාරී:

කුමාර ධර්මසේන මහතා (2018 අයි.සී.සී. හොඳම විනිසුරු)

කුසලතා පූර්ණ ක්‍රීඩා පුහුණුකරු:

ආර්.බී.වික්‍රමසිංහ මහතා (බර ඉසිලීම)

කුසලතා පූර්ණ පුහුණුකරු (විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩකයන්ගේ)

ජයලත් අපෝන්සු මහතා (දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම)

වසරේ ක්‍රීඩා විද්‍යාර්ථියා

රියර් අද්මිරාල් ශාමාල් ප්‍රනාන්දු මහතා

වසරේ දක්ෂතම ක්‍රීඩා වෛද්‍යවරයා

වෛද්‍ය වයි.එච්. ද සිල්වා මහතා

කුසලතා පූර්ණ විනෝද ක්‍රීඩා සැපයුම්කරු

ශ්‍රී ලංකා යුද හමුදාව

කුසලතා පූර්ණ ක්‍රීඩා ප්‍රවර්ධන අනුග්‍රහය

රන් පදක්කම - සිරස රූපවාහිනිය (ප්ලැටිනම් සම්මාන)

රිදී පදක්කම - සුජීව විජේනායක (බේස්බෝල් ප්‍රවර්ධක)

ලෝකඩ පදක්කම - ස්පෝට්ස් ඉන්ෆෝ (සිල්ක් සම්මාන)

දක්ෂතම ක්‍රීඩා ඡායාරූපය

ඉසුරු සමීර පිරිස්

කුසලතා පූර්ණ ක්‍රීඩා වැඩසටහන (කාලීන තොරතුරු)

තෙනුක දිසානායක (ශ්‍රී ලංකා රූපවාහිනිය)

හොඳම රූපවාහිනී ක්‍රීඩා සජීවි ආවරණය

සම්පත් පෙරේරා (ශ්‍රී ලංකා රූපවාහිනිය)

කුසලතා පූර්ණ ක්‍රීඩා ගුවන්විදුලි වැඩසටහන (කාලීන තොරතුරු)

නුවන් උදාර කුරුණාරත්න-චතුක දිවාශන (අයී.ටී.එන්.එෆ් එම්)

කුසලතා පූර්ණ ක්‍රීඩා සජිවී විකාශය

ශ්‍රී ලංකා ගුවන් විදුලිය

කුසලතා පූර්ණ මුද්‍රිත මාධ්‍ය - අද

කුසලතා පූර්ණ දෙමල මුද්‍රිත මාධ්‍ය - විරකේශරි

කුසලාත පූර්ණ ඉංග්‍රිසි මුද්‍රිත මාධ්‍ය - සිලෝන් ටුඩෝ

කුසලතා පූර්ණ ක්‍රීඩා සමාජ මාධ්‍ය - පපරේ ඩොට් කොම්

 


නව අදහස දක්වන්න