ශ්‍රී ලංකාවේ දුම්වැටි නිෂ්පාදනය ඒකක බිලියනයකින් පහළ වැටිලා | දිනමිණ

ශ්‍රී ලංකාවේ දුම්වැටි නිෂ්පාදනය ඒකක බිලියනයකින් පහළ වැටිලා

බුද්ධි කරුණාරත්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ඉදිරියට ගෙන ආ දුම්වැටි විරෝධී වැඩසටහන යටතේ සිදු කළ දැනුවත් කිරීම් නිසා මෙරට දුම්වැටි නිෂ්පාදනය ඒකක බිලියනයකින් පහළ වැටීම සිදු වී ඇතැයි දුම්වැටි සහ මධ්‍යසාර සම්බන්ධ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය පාලිත අබේකෝන් මහතා ප්‍රකාශ කෙළේය.

ඒ මහතා ඒ බව ප්‍රකාශකෛළේ පසුගියදා (15) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය සංවිධානය කළ වැඩමුළුවේදීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

දුම්වැටි සහ එයින් ඇති වන හානි ගැන දැනුවත් කිරීමත්, දුම්පානය අධෛර්යමත් කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළවල් නිසාත් මේ තත්ත්වය ඇති කිරීමට හැකි වූණා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පිළිබඳ නීති තත්ත්වයට අනුකූලව 2016 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත නිරීක්ෂණාගාරය ස්ථාපිත කෙරිණි. මේ යටතේ දකුණු ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත නිරීක්ෂණාගාරය ස්ථාපිත කෙරිණි.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ස්ටෙලා බයිලොස්, ගිණිකොනදිග ආසියා කලාපයේ දුම්කොළ පාලන සංධානයේ ජ්‍යේෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදිකා ආචාර්ය මේරි අසුන්තා, අන්තර්ජාතික පෙනහැලි රෝග විරෝධී සංගමයේ තාක්ෂණික උපදේශක ප්‍රානායිලාල්, අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටොප් සංවිධානයේ ව්‍යාපෘති කළමනාකාරිණී එමා ග්‍රීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්ස්, දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මහේෂ් රාජසූරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනී මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න, දුම්කොළ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය මංජුල පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවේ අදහස් දැක්වූහ. මේ අවස්ථාවට දකුණු ආසියානු රටවල් සහ දෙස් විදෙස් විද්වතුන් විශාල පිරිසකගේ සහභාගී වූහ.

නව අදහස දක්වන්න